Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර පාසල් තරගාවලියට 1750 ක්

ජාත්‍යන්තර පාසල් තරගාවලියට 1750 ක්

නාමල් පතිරගේ - 2020 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසල් 23 ක සිසු සිසුවියන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1750 දෙනෙකු තරගවදින ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය මෙම 14 වැනිදා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ. ජවන හා පිටියේ ඉසව් රැසක් ඇතුළත් මෙම තරගාවලිය නිමාවට පත් වන්නේ 16 වැනිදාය.

මෙවර තරගාවලියේ විශේෂත්වය එහි 20 වැනි සංවත්සරය සමරමින් පැවැත්වීමට කටයුතු කිරීමය.

වසර 2001 දී නාරාහේන්පිට ‘ශාලිකා’ පිටියේ දී ජාත්‍යන්තර පාසල් කීපයක පමණක් සහභාගිත්වයෙන් ආරම්භ වූ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියට මේ වනවිට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමයේ අනුමත පාසල් 23 ක් ඉදිරිපත්වී තිබේ. එය දිවයිනේ ප්‍රමුඛතම මලල ක්‍රීඩා තරගාවලියක මට්ටමට ළඟාවී ඇතැයි ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය.

මෙවර තරගාවලියේ සත්කාරය දරන්නේත් ගේට්වේ ජාත්‍යන්තර පාසලයි. ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක ස්වරූපයෙන් ඉහළ ප්‍රමිතියක් සහිතව පවත්වන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රතිඵල සැණෙකින් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ පහසුකම් ද සලසා තිබේ.

ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ නිර්මාතෘ, අභාවප්‍රාප්ත අයි.ආර්.ටී. මහතාගේ සංකල්පයක් අනුව ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹුණි. එය මේ වනවිට දිවයිනේ ජාත්‍යන්තර පාසල් අතර ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බවට ද පත්ව තිබෙන බව තරග සංවිධායකයෝ පවසති.

එවකට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබූ තීරණයකට අනුව අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා හා ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල සඳහා ජාත්‍යන්තර පාසල් සහභාගි කර නොගැනිණ. ඒ අනුව අලස් මහතා ජාත්‍යන්තර පාසල් සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්‍ෂතා එළිදැක්වීම සඳහා ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය හඳුන්වා දෙනු ලැබීය.

ජය සංකේත ප්‍රදානෝත්සවය හා සමස්ත උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරධනා ලබා සිටින්නේ විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාය. පෙබරවාරි 16 වැනිදා පස්වරු 2.00 ට පැවැත්වෙන මම උත්සවයේ විශේෂ ආරාධිතයන් ලෙස පියසන් ආයතනයේ ආසියානු කලාප අධ්‍යක්ෂිකා ප්‍රෙමිලා පෝල්රාජ් හා සිලොන් බිස්කට් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශියාමලී වික්‍රමසිංහ යන මහත්මීහු සහභාගි වෙති.

සිලෝන් (මන්චි) බිස්කට් සමාගම තරගාවලියට ප්‍රධාන අනුග්‍රහය දරයි. සම අනුග්‍රාහකයන් ලෙස හෝම් ලෑන්ඞ්ස්, හැටන් නැෂනල් බැංකුව, ඩී.එස්.අයි., එයාර්වෙල්, ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ආසිරි රෝහල, හව් ටු ඩ්‍රයිඞ් රියදුරු පාසල හා ගේට්වේ උසස් අධ්‍යාපන ආයතනය යන ආයතන කටයුතු කරයි.

තරගාවලියේ පසුගිය වසරේ සමස්ත ශුරතාව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලට හිමි විය. ජාත්‍යන්තර පාසල් සිසු සිසුවියන් වන සදීපා හෙන්ඩර්සන්, ෂෙලින්ඩා ජැන්සන්, කවිඳු බණ්ඩාර වැනි අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගමාලාවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගි වෙති.

 


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් තරගාවලියට 1750 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.