Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාව 39-22 කින් සී. එච්. පිල පරාජය කරයි

ගුවන් හමුදාව 39-22 කින් සී. එච්. පිල පරාජය කරයි

editorial - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සහ හත්වැනි සතියේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 39-22 කින් සී. එච්. පිල පරාජය කරමින් පළමු ජය ලැබීමට සමත් වූහ.

ගුවන් හමුදා පිල මීට පෙර සහභාගි වූ තරග හයම පරාජයට පත්ව සිටියදී ප්‍රබල සී. එච්. පිල පරාජය කිරීම මෙහිදී කැපී පෙනේ.

ගුවන් හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 27-8 ක් ලෙස පෙරමූණ ගැනීමට සමත්ව සිටියේය.

ගුවන් හමුදා පිලේ විදේශ ක්‍රීඩක ටුටෙයොයා ජේම්ස් පස්වැනි මිනිත්තුව ආරම්භයේදීම ගුවන් හමුදා පිලට උත්සාහක දිනුමක් එකතු කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. චරිත් සෙනෙවිරත්න එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ගුවන් හමුදාව ලකුණු 7-0 කින් පෙරමුණට පැමිණියේය.

සී. එච්. පිලට 13 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර අර්ෂාඞ් ජමාඩීන් ගෝල කණු අතරින් යැවීමත් සමඟ ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය.

ගුවන් හමුදා පිලට 17 වැනි සහ 23 වැනි මිනිත්තුවලදී ලැබුණු දඩුවම් පහර චරිත් සෙනෙවිරත්න සාර්ථක කිරීමෙන් යුද හමුදාව ලකුණු 13-3 ක් ලෙස ලකුණු පරතරය 10 ක් බවට පත්කරගත්තේය.

සාරක වීරකෝන් 28 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට පළමු උත්සාහක දිනුම ගෙන ඒමෙන් ලකුණු තත්ත්වය 13-8 ක් ලෙස වෙනස් විය.

ටුටෙයොයා ජේම්ස් 34 සහ 40 වැනි මිනිත්තුවලදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක ගයන්ත ඉද්දමල්ගොඩ ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් ගුවන් හමුදාව ලකුණු 27-8 ක් ලෙස වඩාත් ශක්තිමත් විය.

ගයන්ත ඉද්දමල්ගොඩ 51 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවට තවත් උත්සාහක දිනුමක් එකතු කළ අතර නුඅවන් පෙරේරා එකට අතිරේක ලකුණු මුසුකිරීමෙන් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 34 ක් බවට පත්විය.

සී. එච්. පිලේ නායක රෝහිත රාජපක්‍ෂ 54 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් එකතු කළේය. අර්ෂාඞ් ජමාඩීන් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 34-15 ක් බවට පත්විය.

මොහොමඞ් නිෂ්රාන් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට අර්ෂාඞ් ජමාඩීන් අතිරේක ලකුණු එකතු කිරීමෙන් සී. එච්. ලකුණු සංඛ්‍යාව 22 ක් බවට පත්වුවද ඒ වන විට ගුවන් හමුදාව තරගයේ පාලනයට නතුකරගෙන අවසන්ව තිබුණි.

රම්ෂොන් අමිත් 64 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු තත්ත්වය 39-22 ක් බවට පෙරළුණි. 

- 048


අදහස් (0)

ගුවන් හමුදාව 39-22 කින් සී. එච්. පිල පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.