Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෘතිම ධාවන පථය ගැන කඹ ඇදීමක්

කෘතිම ධාවන පථය ගැන කඹ ඇදීමක්

යොහාන් භාසුර - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් දායාද කළ මාධ්‍යම පළාතේ ප්‍රධානම ක්‍රීඩාංගණය වන මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයට නොගැලපෙන කෘත්‍රිම ධාවන පථයක් එළීමේ සූදානමක් පවතින බව මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ. මෙම ක්‍රීඩාංගණයට ලෝක මට්ටමේ තරගාවලි සඳහා යොදාගන්නා ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ඇති කෘත්‍රිීම ධාවන පථයක් එළීමට ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට කමිටුවක් ද පත්කර ඇති බව දැනගන්නට තිබේ.

එවැනි ධාවන පථ ඔලිම්පික් වැනි ප්‍රධාන තරගාවලි සඳහා යොදා ගැනීමෙන් පසුව වසර දෙකක් පමණ පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවත් ඉන් අනතුරු ගලවා ඉවත්කිරීමට සිදුවන බවත් ඇතැමෙක් කියති.
 
එහෙත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු පැවසුවේ බෝගම්බර ක්‍රීඩාංගණයට යෝජිත ධාවන පථයේ කිසිම දෝෂයක් නොමැති බවත් එය සෙසු ඒවාට වඩා වේගවත් බවත්ය.
 
“සුගතදාස ක්‍රීඩාංගණයට 1991 වසරේ ප්‍රේමදාස මහත්තයගෙ කාලේ දැම්මේ ඔය කියන ධාවන පථයක් තමයි. ඒක වසර හතක් පාවිච්චි කළා. ඒක අයින් කළේ 1998 යි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
   
මෙම ක්‍රීඩාංගණය සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මෙන්ම මධ්‍යම පළාතේම ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයට බවට පත්ව තිබේ. එසේ තිබියදී වැඩි කාලයක් ප්‍රයෝජනයට ගතහැකි ධාවන පථයක් එළීම වඩාත් ප්‍රයෝජනවත් බව ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා එල්ල කරන්නෝ කියති.

“බෝගම්බර ක්‍රීඩාංගණයෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නෙ පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඔවුන්ට මෙවැනි ධාවන පථයක පුහුණුවීම් කරන්න අමාරුයි. මේ ක්‍රීඩාංගණයට මෙවැනි තරගකාරී මට්ටමේ ආයු කාලය අඩු ධාවන පථයක් එළනවා නම් එය මුදල් නාස්තියක්” යැයි මලල ක්‍රීඩා ප්‍රවීණයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
 
ඒ පිළිබඳව කළ විමසුමේදී ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම අනුව එම ධාවන පථය බෝගම්බරට ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.
 
“ක්‍රීඩා උළෙලවලට ගිහින් අසාර්ථක වෙලා එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කියන්නේ ඔය කියන ධාවන පථයක පුහුණුවීම් කරලා නැති නිසා දුවන්න බැරි වුණා. කියලයි. නමුත් මම ඒ ගැන සුසන්තිකා වැනි ප්‍රවීණ ක්‍රීඩිකාවකගෙන් ඇහුවම ඇය කිව්වෙ එහෙම කියන්න බෑ කියලයි” යැයිද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

 


අදහස් (0)

කෘතිම ධාවන පථය ගැන කඹ ඇදීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.