Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ

යොහාන් භාසුර - 2020 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) දිවුරුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ජාතික කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩකයකු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වන පළමු අවස්ථාව මෙයි.

නාමල් රාජපක්ෂ මහතා 2013 වසරේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා 2010 - 2011 තරග වාරයේ නාවික හමුදා රග්බි පිල ද මෙහෙයවීය. ඔහු 2004 වසරේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි පිලේද නායකත්වය දැරීය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන් රග්බි ක්‍රීඩා පිටියට පැමිණි නාමල් රාජපක්ෂ මහතා 2005 වසරේ එම විදුහල් ජ්‍යෙෂ්ඨ රග්බි පිලේ නායකත්වයද දැරීය.

‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර රග්බි තරගාවලි කිහිපයක්ම සංවිධානය කිරීමට මූලික වූ රාජපක්‍ෂ මහතා පසුගිය අන්තර් සමාජ රග්බි තරගාවලියේදී සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට සහයෝගය දැක්වීය.  

නාමල් රාජපක්ෂ මහතා පළමු වරට 2010 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් අතර 2015 මහ මැතිවරණයේදීද සිය අසුන ජයගත්තේය.

 


අදහස් (0)

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.