Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් දැවැන්තයෝ අයෙත් තරග බිමට

ක්‍රිකට් දැවැන්තයෝ අයෙත් තරග බිමට

editorial - 2019 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධන කිරීම අරමුණු කරගත් විස්සයි20 තරගාවලියක් ලබන වසරේ පෙබරවාරී මාසයේදී මුම්බායිහිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ‘රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සිරීස්’ ලෙස තරගාවලිය නම්කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු දැවැන්තයින් වන සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, මුත්තයියා මුරලිදරන් සහ විරේන්ද්‍ර සෙවාග් යන විශ්‍රාමික ක්‍රිඩයින්ගේ කැමැත්ත මෙම තරගාවලියට හිමිවී ඇති අතර ඊට අමතරව ජැක් කලිස්, බ්‍රෙට් ලී සහ ශිව්නරින් චන්ද්‍රපෝල් යන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ස්ථිර කර ඇත. පළමු තරගාවලිය 2020 පෙබරවාරී 2 වැනිදා සිට 16 වැනිදා දක්වා මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය පැවැත්වීම සඳහා 2018 අගෝස්තු මාසයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය සංවිධායකයින්ට ලැබී තිබූණි.

පළමු තරගාවලිය සඳහා ඉන්දියා ලෙජන්ඞ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස්, ඕස්ටේ්‍රලියා ලෙජන්ඞ්ස්, දකුණු අප්‍රිකා ලෙජන්ඞ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඞ්ස් ලෙස කණ්ඩායම් 5 ක් තරගාවලියට එක්වනු ඇත.

ලොවපුරා දේශීය විස්සයි20 ලීග් තරගාවලි පවතින ආකාරයට කණඩායම් හිමිකාරත්වය දැරීමේ ආකෘතිය මත පදනම්ව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.  මේ සඳහා විශ්‍රාමික ක්‍රීඩකයින් 110 දෙනෙකු පමණ දැනටමත් ඔවුන්ගේ සහභාගීත්වය සනාථකර ඇති අතර පළමු තරගාවලිය ටෙස්ට් ක්‍රීඩා කරන රටවලට පමණක් සීමාකර තිබේ.

මෙම තරගාවලිය ප්‍රවර්ධනය කරන සංවිධායකයින් අතර වෘත්තීය කළමණාකරන කණ්ඩායම සහ මහාරාෂ්ඨ රජයේ මාර්ග ආරක්ෂණ අංශයද අයත්වන අතර ඔවුන්ගේ සැලැස්ම වන්නේ මෙම තරගාවලිය ඉන්දියාව පුරා වසර 10 ක පමණ කාලයක් පැවැත්වීමටයි. ක්‍රීඩකයින්ගේ ගෙවීම් බලයලත් ආයතන විසින් කරනු ලබන අතර මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා යොදවනු ඇත.

සචින් තෙන්ඩුල්කාර් 2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වන තෙවැනි අවස්ථාව මෙයයි. ලෝක කණ්ඩායමට එරෙහිව එම්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් තරග වැදුණු සචින් තෙන්ඩුල්කාර් 2015 දී ඇමෙරිකාවේදී පැවැති විස්සයි20 තරගාවලියකට එක්විය.+

...


අදහස් (0)

ක්‍රිකට් දැවැන්තයෝ අයෙත් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.