Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කටුකුරුන්ද මෝටර් රථ තරගවලියට අයැදුම් පත් කැඳවයි

කටුකුරුන්ද මෝටර් රථ තරගවලියට අයැදුම් පත් කැඳවයි

ශානුක අරවින්ද - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන ‘මොබිල් කටුකුරුන්ද මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය’ සැප්තැම්බර් මස 8 වැනිදා පෙරවරු 9.00 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

‘හච් - ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරග මාලාවේ තෙවැනි අදියර ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය ඉසව් 25 කින් සමන්විත වන අතර ඊට මොටර් රථ තරග 15 ක් සහ යතුරුපැදි තරග 10 ක් ඇතුළත්වේ. මේ වන විට තරගාවලියේ අයැඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර අයැඳුම්පත් බාරගැනීම මේ මස 26 වැනිදායින් නිමාවට පත්වේ.

තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය තරගකරුවන්ට නො. 128, හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනයේ දෙවැනි මහලේ පිහිටි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගම් මූලස්ථානයෙන් ඊට අදාල අයදුම්පත් ලබාගත හැකිය.  

මෙහි මෝටර් රථ අංශයේ ප්‍රධානතම ඉසව්ව වන එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය සඳහා මෙන්ම යතුරුපැදි අංශයේ ප්‍රධානම ඉසව්ව වන එම්. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 1000 දක්වා) යතුරුපැදි තරගය සඳහාද දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් රැසක් සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.



අදහස් (0)

කටුකුරුන්ද මෝටර් රථ තරගවලියට අයැදුම් පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.