Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අශාන් - තුරුවන් ඉනිම් දෙකේදීම ශතක ලබති

අශාන් - තුරුවන් ඉනිම් දෙකේදීම ශතක ලබති

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ කෑගලු විද්‍යාලය අතර ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයේ ඉනිමේ දෙකේදීම ශතක ලබාගැනීමට ශාන්ත ජෝන් විදුහලේ අශාන් දිල්හාර සහ තුරුවන් පෙරේරා සමත් වූහ.

පළමු ඉනිමේදී ලකුණු 197 ක් රැස්කළ අශාන් දිල්හාර දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 100 ක් රැස්කළ අතර තුරුවන් පෙරේරා පළමු ඉනිමේදී ලකුණු 158 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 125 ක්ද රැස්කිරීමට සමත් විය.

කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 89 කට සීමා කළ ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩකයෝ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබූහ.

ශාන්ත ජොන් විදුහල් පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලු දෙනා දැවී 523
(අශාන් දිල්හාර 197, තුරුවන් පෙරේරා 158, දිනුෂ්ක මදුෂාන් 32, රෙෂාන් මලිත් 24, සචින් ධනංජය 23, දිල්ෂ ප්‍රසන්න නොදැවී 20, පුන්සර ගිම්හාන 197/3, කවිෂ්ක අබේරත්න 60/2, සඳුද බණ්ඩාර 72/2, චමත් බණ්ඩාර 96/2)

කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 89
(පුන්සර ගිම්හාන නොදැවී 20, දිනුෂ්ක මදුෂාන් 07/3, දිල්ෂ ප්‍රසන්න 19/2, සුමුදු උදාර 23/2)

ශාන්ත ජෝන් විදුහල් දෙවනි ඉනිම - ඕවර 53 කදී කඩුලු 3 දැවී 454
(තුරුවන් පෙරේරා 125, අශාන් දිල්හාර නොදැවී 100, රෙෂාන් මලිත් 93, ලක්ෂිණ සසිඳු නොදැවී 68, සචින් ධනංජය 29, පුන්සර ගිම්හාන 163/3)

-036


අදහස් (0)

අශාන් - තුරුවන් ඉනිම් දෙකේදීම ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.