Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල් මරා දාන්න එක රෝගියෙකුට පුළුවන්

අයි.පී.එල් මරා දාන්න එක රෝගියෙකුට පුළුවන්

editorial - 2020 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. හි අනුග්‍රාහකත්වය ගැන අනුමාන කරනවා වෙනුවට, කිංග්ස් XI පන්ජාබ්හි සම හිමිකරු නෙස් වාඩියා පවසන්නේ මෙම තරගාවලියේදී එකම කොරෝනා රෝගියකුවත් වාර්තා නොවීමට වග බලා ගත යුතු බවයි. කෙසේ වෙතත් නෙස් වාඩියා කියන්නේ මෙවර අයි.පී.එල්. තරගාවලිය ඉතිහාසයේ හොඳම තරගාවලිය වනු ඇති බවයි.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන ‘වීවෝ’ සමග ඇති ගිවිසුම ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනටමත් තීරණය කර තිබේ. ඊට විශාල හේතුවක් වූයේ ඉන්දු - චීන දේශ සීමා සම්බන්ධයෙන් දෙරටේ හමුදා අතර ලඩාක් ප්‍රදේශයේදී ඇතිවූ ගැටුම් වලින් ඉන්දිය හමුදා භටයින් 30 දෙනකු මියයාමයි.

අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් වීවෝ සමාගම ඉන්දීය රුපියල් කෝටි 440 ක් පමණ මෙම තරගාවලිය වෙනුවෙන් වියදම් කරයි.

“බොහෝ උපකල්පන තියෙනවා...එය හාස්‍යජනක යැයි මා හිතනවා”
“වැදගත්ම දේ තමයි අයිපීඑල් තරගාවලිය පැවැත්වෙන බව අප (කණ්ඩායම් හිමිකරුවන්) දන්නා එක.  ක්‍රීඩකයන්ගේ සහ ඊට සම්බන්ධ අනෙක් සියලු දෙනාගේ ආරක්ෂාව ගැන අපි දැඩි ලෙස සැලකිලිමත් වෙන්න ඕනා..... කොරෝනා රෝගීන් එක්කෙනෙක් හමුවුණොත් අයිපීඑල් විනාශයි” යයි නෙස් වාඩියා කණ්ඩායම් අයිතිකරුවන්ගේ රැස්වීමෙන් පසුව පැවසීය.

“හිමිකම් අනුග්‍රාහකත්වය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ කුමක්දැයි මා දන්නේ නෑ. ඒත් සියලුම කණ්ඩායම් හිමිකරුවන් අයි.පී.එල්. සාර්ථක කර ගැනීම සඳහා එකට එක්වී සිටිනවා. අපි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත සහයෝගය දැක්විය යුතුයි” යයිද වඩියා පැවසීය.

වර්තමාන ආර්ථික වාතාවරණය තුළ අනුග්‍රාහකයන් සොයාගැනීම දැඩි ලෙෂ අසීරු වනු ඇතැයි නෙස් වාඩියා අපේක්ෂා කරයි. එහෙත් ඔහු මෙවන් කතාවක්ද කීවේය.

“ඔයාලා මගේ වචනය විශ්වාස කරන්න... මේ වෙලාවේ අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න කව්රුහරි ඉදිරිපත් නොවන්නේ නම් ඒක තරම් මෝඩකමක් තවත් නෑ. මම අනුග්‍රාහකයෙක් වුණානම් මම ඒ අවස්ථාව පැනලා බාරගන්නවා” යයිද වාඩියා කීවේය.
අයි.පී.එල්. තරගාවලිය නිසිපරිදි පවත්වාගෙන යාම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිටු 16 කින් යුත් මෙහෙයුම් නිර්දේශ මාලාවක් නියම කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය, කණ්ඩායම් නිලධාරීන් සහ හිමිකරුවන් ජෛව ආරක්ෂිත ගෝලයක කොටසක් වීම අවශ්‍ය වේ.

අයි.පී.එල්. තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට වාඩියා තීරණය කර නොමැති නමුත් ආරක්ෂාව අඩාල කළ නොහැකි බව ඔහු කියා සිටියේය.

“අපි ජෛව සුරක්ෂිත ගෝලයට හැඩගැසිය යුතුයි. එක් සිද්ධියක් මගින් අයි.පී.එල්. මරා දාන්න පුළුවන්. ඒ නිසා අසාමාන්‍ය බාහිර තත්වයන් නිසා සාමාන්‍ය ජනයා අසාමාන්‍ය දේ කළ යුතුයි.”

- 213

 


අදහස් (0)

අයි.පී.එල් මරා දාන්න එක රෝගියෙකුට පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.