Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අමාත්‍යාංශය නිලධාරීන් ගැන ප්‍රශ්න කරයි

අමාත්‍යාංශය නිලධාරීන් ගැන ප්‍රශ්න කරයි

නාමල් පතිරගේ - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය තනතුරු හතරක කටයුතුකරන නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රශ්නකර ඇතැයි වාර්තාවේ. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම ප්‍රශ්න කිරීම කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

ප්‍රධාන පුහුණුකරු, සහය පුහුණුකරු, ගෝල් රකින්නන්ගේ පුහුණුකරු හා සම්බාහක යන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ දැනට තනතුරු දරන්නන්ගේ සුදුසුකම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රශ්න කර තිබේ.

ලෝක පාපන්දු සමුළුවේ රෙගුලාසි අනුව රටක ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දරන්නෙකු අවම ජාත්‍යන්තර පුහුණුකරු සිව්වැනි අදියර පාඨමාලාව සමත්ව තිබිය යුතුය. දැනට සේවය කරන ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතා ජාත්‍යන්තර ‘ඒ’ ශ්‍රේණිය පුහුණුකරු පාඨමාලාව සමත්වූවකු වන අතර කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ මෙතෙක් අදියර - 4 පාපන්දු පුහුණුකරු පාඨමාලාව සමත්වූවෙකු නොමැති බැවින් පකීර් අලි මහතාගේ සේවයට අන්තර් ජාතික පාපන්දු සමුළුවේ අනුමැතිය පළවී තිබෙන බවද වැඩිදුරටත් වාර්තාවේ.
    


අදහස් (0)

අමාත්‍යාංශය නිලධාරීන් ගැන ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.