ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී මීගමුව යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව බැද්දගාන ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 8-2 ක් ලෙස ජය ගැනීමට සොලිඞ් ක්‍රීඩා සමාජය සමත් විය.
එහිදී සොලිඞ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල 4 ක් (35 වැනි, 37 වැනි, 64 වැනි සහ 76 වැනි) වාර්තා කිරීමට ඩී. මයිකල් සමත් වූ අතර ඒ. තනේෂ් ගෝල 2 ක් (73 වැනි සහ 78 වැනි) වාර්තා කරමින් දස්කම් දැක්වීය. සී.ඊ. ඉහාම් සහ එස්. ඥානරුබන්ද 38 වැනි සහ 71 වැනි මිනිත්තුවලදී සොලිඞ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ලබාගත්හ.
මීගමුව යූත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ ගෝල 2 ට හිමිකම් කීමට එන්. චිබුසෝර් සහ පී. සිල්වා සමත් වූයේ 7 වැනි සහ 61 වැනි මිනිත්තුවලදීය.
මෙම තරගයේදී සොලිඞ් ක්‍රීඩා සමාජයේ ඒ. තංගරාෂ් කහ කාඞ්පතක් ලැබීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.