Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කම්රන් අක්මල් බලාපොරොත්තු සහගතව

කම්රන් අක්මල් බලාපොරොත්තු සහගතව

editorial - 2020 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීණ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක කම්රන් අක්මාල් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දඹුල්ල වයිකිංග් කණ්ඩායම සමගින් එක්වීමට තීරණය කර ඇත. ඒ අනුව පාකිස්තානය නියෝජනය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන 7 වන විදේශීය ක්‍රීඩකයා බවට අක්මාල් පත්වේ.

කෙසේ වෙතත් කම්රන් අක්මාල් විධිමත් ගිවිසුමක් බලාපොරොත්තුවෙන් සිටින අතර එය ස්ථීරවූ පසුව ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට පෙර විරෝධතාවයක් නොදැක්වීමේ ලිපියක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලුම් කරනු ඇත.

දඹුල්ල වයිකිංග් කණ්ඩායම සහභාගිවන පළමු තරගය මේ මස 28 වැනිදා පැවැත්වෙන බැවින් අක්මාල්ට තරගාවලිය සඳහා සහභාගිවීමට තවමත් ප්‍රමාණවත් කාලයක් ඇත.

කම්රන් අක්මාල්ට අමතරව සමිට් පතෙල්, පෝල් ස්ටර්ලින්, ජොන්සන් චාර්ල්ස්, ලෙන්ඞ්ල් සිමන්ස්, සුදීප් ත්‍යාගී සහ බ්‍රෙන්ඩන් ටේලර් දඹුල්ල වයිකිංග් පිල නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයෝ වෙති.


2079


අදහස් (0)

කම්රන් අක්මල් බලාපොරොත්තු සහගතව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.