Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජේසන් රෝයිට දඩ

ජේසන් රෝයිට දඩ

editorial - 2019 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රධාන විනිසුරුවරයා විසින් ලබාදුන් තීරණයට විරුද්ධව කලහාකාරී ලෙස හැසුරුණු ජේසන් රෝයිට තරග මුදලින් 30% ක දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා තීරණය කර තිබේ.

ඒ අනුව නවසීලන්තය සමගින් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩාකිරීමේ අවස්ථාව ජේසන් රෝයිට හිමිවේ.

ජේසන් රෝයි ලකුණු 85 ක් රැස්කර සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පන්දුව පිත්තේ වැදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී වෙත ඇදීගියේ යැයි කළ ඉල්ලීමට ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන විසින් දැවීගිය බවට තීරණය කළේය. නමුත් එම තීන්දුවට එකඟනොවූ ජේසන් රෝයි විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියද ඒ වනවිටත් එංගලන්තයට එම අවස්ථාව අහිමිව තිබුණි.

නමුත් පසුව පුනරූපණ නැරඹීමේදී පන්දුව පිත්තේ නොදැවී කඩුලු රකින්නා වෙත යන බවක් දිස්වුවද ප්‍රධාන විනිසුරුගේ තීරණය අවසන් තීරණය විය.

පළමු කඩුල්ල ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය ජොනී බෙයාර්ස්ටෝ විසින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය කලින්ම ලබාගෙන තිබීම හේතුවෙන් ජේසන් රෝයිට එම අවස්ථාව අහිමිව ගියේය.

දඩු මුදලට අමතරව දඩුවම් ලකුණු 2 ක් ද ජේසන් රෝයි හට ලබාදීමට තරග තීරක රංජන් මඩුගල්ල මහතා තීරණය කළේය.

වසර 2 ක් තුළ තවත් දඩුවම් ලකුණු 2 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්තු වුවහොත් ටෙස්ට් තරගයක්, එක්දින තරග 2 ක් හෝ විස්සයි20 තරග 2 ක් ජේසන් රෝයිට අහිමිවී යනු ඇත.
 


අදහස් (0)

ජේසන් රෝයිට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.