Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(18 වැනිදා - ලන්ඩන්)
කොවිඞ් -19 වයිරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රේක්‍ෂකයන් නොමැතිව පාපන්දු තරග පැවැත්වෙන නමුත් එය වැඩිකල් පවතින විසඳුමක් නොවන බව එංගලන්තයේ ආර්සනෙල් පිලේ හිටපු කළමණාකරු ආසේන් වෙන්ජර් මහතා පවසයි.
එංගලන්තයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන ආර්සනෙල් පිලේ වසර 22 ක කාලයක් අඛණ්ඩව කළමණාකරු ධූරය දැරූ වෙන්ජර් මහතා එම ක්‍රීඩා සමාජයේ දීර්ඝතම කාලයක් කළමණාකරු ධූරය දැරූ තැනැත්තා මෙන්ම සාර්ථකම කළමණාකරුවාද වෙයි.
යුරෝපයේ ප්‍රධානතම පාපන්දු ලීග (තරගාවලි) අතුරින් කොවිඞ් -19 වසංගතයට පසුව ආරම්භ වූ පළමු තරගාවලිය වන්නේ ජර්මනියේ ‘බන්ඩෙස්ලිගා’ තරගාවලියයි. එහෙත් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ප්‍රේක්‍ෂකයන් ක්‍රීඩාංගණයට කැඳවීමකින් තොරවය.
“මේක දීර්ඝ කාලයක් පවතීවිද ?....ප්‍රේක්‍ෂකයන් නොමැතිව දීර්ඝ කාලයක් මෙහෙම ගියාම එයින් තරගාවලියට හානියක් වේවිද ?” මට තේරුම් ගන්න පුළුවන් යයි වෙන්ජර් මහතා කියයි.
“එකම ප්‍රේක්‍ෂකයකු හෝ නොමැතිව සම්පූර්ණ තරගාවලියක් ගැන හිතන්න වත් බෑ. ඒ නිසා තමයි මම කියන්නේ මේක කෙටි කාලීන විසඳුමක් පමණයි කියලා”
“කොහොම වුණත්, මේ තරගාවලිය අවසන් කරන්න නම් මීට වඩා හොඳ විසඳුමක් නෑ. ඒක අනිත් කොයි විසඳුමටත් වඩා හොඳයි” යයි වැන්ජර් මහතා කියයි.
එංගලන්තයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය ජූනි මාසයේදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් තරග සංවිධායකයෝ බලාපොරාත්තු තබා සිටිති. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දුරකතන සම්මන්ත්‍රණයකින් පසුව වැඩි තොරතුරක් බලාපොරොත්තු විය හැකිය. ක්‍රීඩකයන් කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීමත් ප්‍රේක්‍ෂකයන් නොමැතිව තරග පැවැත්වීමත් සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනීමට නියමිතය.
පාපන්දු කළමණාකරුවකු වශයෙන් වසර 34 ක පළපුරුද්දක් ඇති ආසේන් වෙන්ජර් මහතා කියන්නේ තරගාවලි නැවත ආරම්භ කිරීමේදී අන් කිසිම කාරණාවකට වඩා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවයි.
“මූල්‍යමය කාරණා වැදගත් වෙන්න පුළුවන්. ඒත් මුදල් කියන්නේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔට්ටු අල්ලන්න පුළුවන් දෙයක් නෙමේ..... පළමුවෙන්ම අපි ස්ථිර කරගන්න ඕනේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන සුරක්‍ෂතතාවයි” යයිද වෙන්ජර් මහතා පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.