Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සම්මේලනයෙනුත් රුපියල් කෝටි 2 ක කොරෝනා දානයක්

පාපන්දු සම්මේලනයෙනුත් රුපියල් කෝටි 2 ක කොරෝනා දානයක්

නාමල් පතිරගේ - 2020 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගත  තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රජාව මුහුණදුන් දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඔවුන් සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් මේ වන විට බෙදා දී තිබෙන බව ශ්‍රී ලංකා පානන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා පවසයි. පාපන්දු ක්‍රීඩාවේ සියලු පාර්ශව සඳහා කොරෝනා වසන්ගත තත්ත්වය හමුවේ ප්‍රතිලාභ ලබාදුන් එකම ජාතික ක්‍රිඩා සංගමය බවට ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පත්ව සිටින බවත් එහිදී ඔහු ‘ලංකාදීප’යට පැවසිය.

අන්තර්ජාතිතක පාපන්දු සම්මේලනය මෙම වසරට ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ ප්‍රතිපාදන ඒ සඳහා ප්‍රයෝජනයට ගෙන තිබේ.

දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රජාවට ආධාර කිරීම සඳහා පාපන්දු සම්මේලනය ලෝක සමුළුවෙන් තවත් ආධාර  ඉල්ලා තිබේ. පළමු අදියරේදී මඟ හැරුණු පාර්ශව වෙතොත් ඔවුන් කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමු කර ආධාර මුදල් පිරිනැමේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාපන්දු ලීග (ප්‍රාදේශීය සංගම්) 64 ඇතුළුව, ක්‍රීඩා සමාජ, ජාතික (පිරිමි හා කාන්තා) පාපන්දු සංචිතවල සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්,  පුහුණුකරුවන්, විනිසුරුවන්, නිර්දේශ වුණු හිටපු පාපන්දු ක්‍රිඩකයන්, ප්‍රවීණයන් විශේෂිත නිලධාරින් ඇතුළු පාපන්දු ක්‍රිඩා ක්ෂේත්‍රයේ නියෝජනය කරන සියලු පාර්ශව වෙත එම ප්‍රතිලාභ ලබා දුන් බව පාපන්දු සභාපතිවරයා පැවසීය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“අපේ රටේ පාපන්දු ප්‍රජාව පත්ව තිබෙන වත්මන් තත්ත්වය ගැන  පාපන්දු සම්මේලනයේ විධායක සභාව අවධානය යොමු කළා. කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් බහුතරයක් අද ගෙවන්න ඉතා දුෂ්කර තත්ත්වයක් ඒ අනුව අපි සම්මේලනයක් හැටියට හිතුවා මේ වෙලාව ඔවුන්ට උදව් කළ යුතුයි කියලා.“

“ඒ සඳහා අපි යොදා ගත්තේ දැනට ඇණහිටලා තිබෙන පාපන්දු සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති ලෝක සමුළුවේ මුදල්.  ඊට ලෝක පාපන්දු සමුළුව යම් යම් කොන්දේසි මත අපට අනුමැතිය දුන්නා. එහිදී අපි හිතන්නේ මේ රටේ අනෙක් ජාතික ක්‍රිඩා සංගම්වලට අපි ආදර්ශයක් වුණා කියලයි.“

කෙසේවුවත් මේ වසරේ මේ වන විට ඇණහිට තිබෙන පාපන්දු සංවර්ධන වැඩසටහන් අතරින් තෝරා ගත් කිපයක් අගොස්තු මාසය වන විට ආරම්භ කිරීමේද මේ වන විට සැලසුම් කරමින් සිටින බව ඔහු පැවසීය.
 


අදහස් (0)

පාපන්දු සම්මේලනයෙනුත් රුපියල් කෝටි 2 ක කොරෝනා දානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.