Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket world cup 2019 ප්‍රදීප්ට ලෝක කුසලාන තරග අහිමිවෙයි

ප්‍රදීප්ට ලෝක කුසලාන තරග අහිමිවෙයි

editorial - 2019 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේ සිට..) 

එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම වේග පන්දු යවන්නකු වන නුවන් ප්‍රදීප්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.  

ප්‍රදීප් ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට (28) පැවැත්වෙන තරගයට සහභාගි නොවේ.  

නුවන් ප්‍රදීප් අද (27) පෙරවරුව දක්වා උණ රෝගයෙන් පෙළුණු අතර ඔහුගේ ශරීරයේ බිබිලි පවතින බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔහුට ‘පැපොල’ රෝගය වැලදී ඇති බවට විශ්වාස කරන බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අද පෙරවරුවේ පැවසුවේ ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව පැහැදිළිව ප්‍රකාශ කළ නොහැකි බවයි. 

“ප්‍රදීප් උණ රෝගයන් සිටින බව තමයි දැනට කියන්න පු`ඵවන්. නමුත් අදත් වෛද්‍යවරයෙක්ට පෙන්නුවා. ඉන් පසුව තමයි තීරණයක් ගන්න වෙන්නේ” යැයි හතුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. 

ශ්‍රී ලංකාව මෙතෙක් ජය ලැබූ ඇෆ්ඝනිස්තානය සහ එංගලන්තයට එරෙහිව තරග දෙකේදීම ප්‍රදීප් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත විය. 

 


අදහස් (0)

ප්‍රදීප්ට ලෝක කුසලාන තරග අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.