Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දඹුල්ලේදී සහභාගි වීමට සූදානමින් සිටි පුහුණු කඳවුර කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම නේවාසික පුහුණු කඳවුර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) සිට දින අටක පමණ කාලයක් පැවැත්වීමට නියමිතය.
කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයක පසුගිය දින කීපයේදී වාර්තා වූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් මෙම පුහුණු කඳවුර දඹුල්ලෙන් කොළඹට මාරු කර තිබේ. මෙම පුහුණු වැඩමුළුවට ලසිත් මාලිංග හැර සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 18 දෙනකු සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මැයි මස 6 වැනිදා ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යන අතර එහිදී පළමුවෙන්ම ස්කොට්ලන්තයට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා පිල සහ ස්කොට්ලන්ත පිල අතර එක්දින තරග දෙකක් මැයි මස 18 සහ 21 දෙදින පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.