Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොහොමඞ් අමීර් ටෙස්ට් පිටියෙන් සමුගනී

මොහොමඞ් අමීර් ටෙස්ට් පිටියෙන් සමුගනී

editorial - 2019 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සීමිත ඕවර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණ ඇතිව, ටෙස්ට් තරග වලින් සමුගැනීමට පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඞ් අමීර් පසුගියදා තීරණය කර තිබේ. පාකිස්තානය වෙනුවෙන් සාම්ප්‍රදායික ආකෘතියක ක්‍රිඩාකිරීමට ලැබීම ගෞරවයක් වුවත් ටෙස්ට් පිටියෙන් ඉවත්වී සුදු පන්දුවට වැඩි අවධානයක් යෙදවිමට ඔහු තීරණය කර ඇති බව මොහොමඞ් අමීර් පවසා තිබේ. 

එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත තරගාවලියේදී එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර ඇති අමීර් මේ වනවිට එංගලන්තයේ වාසය කරයි.
වසය අවුරුදු 17 දී චමත්කාර අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මොහොමඞ් අමීර් 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් වරම් හිමිකරගනිමින් පළමු තරගයේදී කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය. එංගලන්තයට එරෙහි පැවැති තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 20 ක් දවාගත් මොහොමඞ් අමීර් පසුව තරග පාවාදීමකට හසුවීමේන් ලෝකය පුරා කථාබහට ලක්විය.

ලෝඞ්ස්හිදී පැවැති තරගයේදී නිපන්දුවක් යැවීමට බුකීකරුවන්ගෙන් මුදල් ගැනීම හේතුවෙන් ටෙස්ට් නායක සල්මන් බට් සහ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඞ් අසීෆ් දෙනොද සමගින් අමීර්ද දඩුවම් ලැබීය. ඔවුන් තිදෙනාම වසර 5 ක තරග තහනමකට ලක්වූ අතර එංගලන්තයේ නිතීයට අනුව සිරගත කිරීමටද උසාවිය තීරණය කළේය.

2016 වසරේදී නැවත පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මොහොඩම් අමීර් සමත්වුවද ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය දිගටම පවත්වාගෙන යාමට සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් අසමත් වූහ.

ටෙස්ට් තරග 36 කදී කඩුලු 119 ක් දවාගෙන ඇති අමීර් අවසන් වරට මෙම වසර මුලදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදුණේය. 2017 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 44 කට කඩුලු 6 ක් දවාගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට හෙතෙම සමත්විය.

කායික වශයෙන් ශක්තිමත්ව මගේ උපරිමය යොදමින් ඉදිරියේදී පැවැත්වෙන තරගාවලියන්හිදී (ලබන වසරේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඇතුළත්ව) දායකත්වය ලබාදීමට ඔහු සුදානම් බව අමීර් පැවසීය.

මෙම තීරණය ගැනීමට පහසු නොවූ බවත් බොහෝ කාලයක් ලබාගනිමින් මේ පිළිබඳව සිතූ බවත් අමීර් පැවසීය. අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාව ලගදීම ආරම්භවන නිසා පාකිස්තානය වෙනුවෙන් දක්ෂ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට තේරීම් කම්ටුවට පහසුවීම සඳහාත් මෙම තීරණය ඔහු ලබාගත් බවත් වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් වන රමීස් රාජා, වසිම් අක්රම් සහ ෂොයිබ් අක්තාර් තිදෙනාම මොහොමඞ් අමීර්ගේ තීරණය ගැන විමතිය පළකරති. හිටපු නායක වසිම් අක්රම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ වේග පන්දු යවන්නකු වයස අවුරුදු 27 දී හොඳම තත්ත්වයට පත්වන නමුත් එම වයසේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට මොහොමඞ් අමීර් තීරණය කිරීම අපරාධයක් බවයි. 

මේ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර තරග ක්‍රිඩා කිරීමට නම් මොහොමඞ් අමීර් දේශීය එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලියට සහභාගිවිය යුතු බවත් අනෙක් සෙසු ක්‍රිඩකයන් දේශීය පළමු පෙළ තරගාවලියටද සහභාගිවීම අනිවාර්ය බවත්ය.

 


අදහස් (0)

මොහොමඞ් අමීර් ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.