Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්දයේ නවෝද් පරණවිතාන 409 යි

මහින්දයේ නවෝද් පරණවිතාන 409 යි

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගයකදී නවෝද් පරණවිතාන පිතිහරඹයේ යෙදුණු අවස්ථාවක්...

පාසල් ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 400 ක් ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වීමට අද (11 වැනිදා) සමත්විය.

නවෝද්ගේ මෙම ලකුණු 409 ත් සමගින් කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව වයස 19 න් පහළ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ අවිෂ්ක තරිඳු ලකුණු 350 ක් රැස්කරමින් තබා තිබූ වාර්තාව බිඳ වැටෙනු ඇත. අවිෂ්ක තරිඳුගේ වාර්තාවට ආයුෂ තිබුනේ දින 22 ක් පමණි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පළමු කොටසේ තරගයකදී මෙම වාර්තාව පිහිටුවීමට මෙම වමත් පිතිකරුවා සමත්විය. මිනිත්තු 502 කට ආසන්න කාළයක් කඩුල්ලේ රැඳී සිටි නවෝද් දැවීයන විට පන්දු 327 කට මුහුණ දී සිටි අතර හයේ පහර 19 ක් සහ හතරේ පහර 39 ක් සමගින් ලකුණු 409 ක් ලබාගැනීමට ඔහු සමත්විය.

නවෝද්ගේ ලකුණු 409 ත් සමගින් මහින්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 679 ක් රැස්කිරීමට සමත්විය. ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 185 ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් දැවී ලකුණු 25 ක් රැස්කළේය.

දකුණු අප්‍රිකාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සහ කොදෙව් දූපත්හී පැවැති වයස 19 න් පහළ තුන්කොන් තරගාවලියටද නවෝද් පරණවිතාන ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළේය. ඒ හේතුවෙන් පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ තරගාවලියේදී තරග රැසක් ඔහුට අහිමිව ගියේය. නමුත් මෙවර පාසල් තරගාවලියේ තරග 5 කට පමණක් (අද අවසන්වූ තරගයට පෙර) ක්‍රීඩා කළ නවෝද් ඉනිම 7 කදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 255 ක් රැස්කර තිබුණි.

කඳාන ද මැසිනොද් විද්‍යාලය එරෙහිව ලබාගත් ලකුණු 109 ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන්විය.

අද තරගයේදි ලබාගත් ලකුණු 409 ත් සමගින් නවෝද් තරග 6 කදී ලබාගත් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 664 කි.

නවෝද්ගේ අද දිනයේදී ලකුණු 409 වාර්තාව තැබීමට පෙර වයස 19 න් පහළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලැබූයේ තෙවැනි කොටසේ තරගයකදී කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 356 ක් රැස්කළ මයිකල් වන්හෝෆ් විසිනි. 2009 වසරේදී ලසිත් ඇතුළත්මුදලී මහා විද්‍යාලයට එරෙහිව එම වාර්තාව තැබීමට වැන්හෝෆ් සමත්විය.

මයිකල් වන්හෝෆ් සහ අවිෂ්ක තරිඳුට අමතරව ලකුණු 300 සීමාව පසුකළ පාසල් ක්‍රීඩකයින් ලෙස ධම්මික වාස් සහ ඉන්දික ද සේරම් වාර්තා පොතට එක්ව සිටිති.  තෙවැනි කොටසේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව 1996 වසරේදී ලකුණු 310 ක් ලබාගැනීමට මීගමුව මාර්ස්ටෙලා විද්‍යාලයේ ධම්මික වාස් සමත්වූ අතර දෙවැනි කොටසේ තරගයකදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව 1992 වසරේදී නොදැවී ලකුණු 304 ක් ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉන්දික ද සේරම් සමත්විය.

වයස 19න් පහළ තරගාවලියේදී ලකුණු 250ට වඩා ලබාගත් පිතිකරුවෝ 


අදහස් (0)

මහින්දයේ නවෝද් පරණවිතාන 409 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.