Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු යොවුන් පිල පෙරමුණ ගනී

පාකිස්තානු යොවුන් පිල පෙරමුණ ගනී

editorial - 2019 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක පාකිස්තානු වයස 19 න් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (31) පැවැති තෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු පහක ජයක් ලැබූහ.

පාකිස්තානු යොවුන් පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරග පහකින් සමන්විත තරගාවලියේ 2-1 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

 පාකිස්තානු පිල ලකුණු 184 ක ඉලක්කය ඕවර 46 කදී කඩුලු පහක් දැවී සම්පූර්ණ කළේය. නායක රොහයිල් නසීර් පන්දු 117 කින් ලකුණු 76 ක් රැස්කළ අතර එයට හතරේ පහර හයක් ඇතුළත් විය. රොහයිල් නසීර් සහ හාරිස් ඛාන් පස්වැනි කඩුල්ලට ලක-ුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 48.3 කදී ලකුණු 183 කට සීමාවිය.

ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 117 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත් විය.

සොනාල් දිනූෂ අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දු 64 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 32 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු තුන ලකුණු 50 ක් තුළ බිඳ වැටීමෙන් පසුව කමිල් මිෂාර සහ සොනාල් දිනූෂ සිවුවැනි කඩුල්ලට ලකුණු 60 ක සම්බන්ධතාවක් පවත්වමින් හොඳ තැනකට රැගෙන ඒමට සමත් වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් කඩුලු හය ලකුණු 27 ක් තුළ බිඳ වැටීමෙන් ඉනිම කඩා වැටුණි. පසු පෙළ දක්‍ෂ පිතිකරුවන් වන අවිෂ්ක තරිඳු, සඳුන් මෙන්ඩිස් සහ රොහාන් සංජය දුවද්දී දැවී යෑම අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවට පත්විය.

දකුණතින් වේග පන්දු යවන අක්තාර් ෂා දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය.  

පාකිස්තානු යොවුන් පිලේ නායක රොහයිල් නසීර් කාසියේ වාසියල ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

 

- 048


අදහස් (0)

පාකිස්තානු යොවුන් පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.