Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන පළමු ඉනිම 240 කට සීමා වෙයි

පාකිස්තාන පළමු ඉනිම 240 කට සීමා වෙයි

editorial - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 240 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

පාකිස්තාන ඉනිමේ කඩුලු 10 න් 9 ක්ම ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් තිදෙනා අතර බෙදී ගිය අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් ස්ටාක් ලකුණු 52 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. පැට් කමින්ස් කඩුලු 3 ක්ද, ජොස් හෙසල්වුඞ් කඩුලු 2 ක්ද දවාගනිමින් පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ස්ටාක්ට අනගි සහායක් දුන්හ.

පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක අසාර් අලී (39) සහ ශාන් මසූද් (27) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එහෙත් පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් මසූද් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මසූද්ගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු පුවරුවට ලකුණු 19 ක් එක්වන විට තවත් කඩුලු 4 ක් බිඳ වැටීමෙන් පාකිස්තාන කණ්ඩායම ඉතා අසීරු තත්වයකට පත්විය. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිතර වූ අසාද් ශෆීක් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 76 ක් රැස්කිරීමට සමත් විය.

මොහොමඞ් රිස්වාන් (37) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශෆීක්, ඉන් නොනැවතී යසීර් ෂා (26) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. රිස්වාන්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 240
(ශාන් මසූද් 27, අසාර් අලී 39, අසාද් ශෆීක් 76, මොහොමඞ් රිස්වාන් 37, යසීර් ෂා 26, මිචෙල් ස්ටාක් 52/4, පැට් කමින්ස් 60/3, ජොස් හෙසල්වුඞ් 46/2)
 
-036

 


අදහස් (0)

පාකිස්තාන පළමු ඉනිම 240 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.