Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නායකයෝ තිදෙනෙක් වි-20න් විසිවෙති

නායකයෝ තිදෙනෙක් වි-20න් විසිවෙති

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී විස්සයි20 තරග බිමේ සිටි ශ්‍රී ලංකා නායකයන් වන තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් තිදෙනාම හැළී ගොස් තිබේ. කෙසේ වෙතත් පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයට පාත්‍ර වී සිටින අකිල ධනංජය මෙම සංචිතයට කැඳවා තිබේ.

අකිල ධනංජය සංචිතයට කැඳවා ඇත්තේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්‍ෂණයේ වාර්තාව ලැබෙන තුරු අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීමට ඔහුට අවසර ඇති බැවිනි.

කැනඩාවේදී පැවැති කැනේඩියානු විස්සයි-20 ලීගය සඳහා ක්‍රීඩා කිරීමට තිසර පෙරේරා අවසර ඉල්ලූ අවස්ථාවේදී ඔහුට එය මඟහැර සිටින ලෙස උපදෙස් ලැබුණ  නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා ඔහු කැනේඩියානු ලීගයේ ක්‍රීඩාකිරීමට ගිය බව වාර්තා වේ. දස්කම් මඳවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් විස්සයි20 කණ්ඩායමෙන් විසිවී සිටින අතර ඇන්ජලෝ මැතිව්ස්ට ස්ථානය අහිමි වී ඇත්තේ ශාරීරික යෝග්‍යතාව මඳ වීම හේතුවෙන් බවද කියැවේ.

මේ වන විට බංග්ලාදේශය බලා ගොස් සිටින ශ්‍රී ලංකා නැගී එන පිලට ඇතුළත් වනිඳු හසරංගද මෙම විස්සයි-20 සංචිතයට ඇතුළත්ව සිටී. වනිඳු හසරංග බංග්ලාදේශ නැගී එන පිලට එරෙහිව පැවැති එක්දින තරග දෙකේදීම සාර්ථක දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකි.


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුශංක

 


අදහස් (0)

නායකයෝ තිදෙනෙක් වි-20න් විසිවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.