Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සැක සහිත පන්දු යැවීමක නිරතවන බවට චෝදනා ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් සැක කටයුතු පන්දු යවන්නන්ගේ ලයිස්තුවෙන් ඉවත් කිරීමට අයි.පී.එල්.හී සැක සහිත පන්දු යැවීමේ ක්‍රියාකාරී කමිටුව විසින් තීරණය කර තිබේ. කිංග්ස් ඞෂ පන්ජාබ් පිලට එරෙහිව අබුඩාබිහිදී පැවැති තරගයකදී සුනිල් නරේන් සැක සහිත පන්දු යැවීමක නිරතවන බව එම තරගයේ විනිසුරුවන් විසින් තරග තීරකයා වෙත වාර්තාවක් දුන්හ.
එම චෝදනාව කොල්කටා පිලට විශාල පහරක් වූ අතර එම චෝදනාවෙන් නිදහස්වීම සඳහා වෙහෙස මහන්සිවී වැඩ කළ නරේන් ඊළඟ තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට ඔහු විසින්ම තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අයි.පී.එල් අනතුරු ඇඟවීමේ ලැයිස්තුවෙන් නරේන්ගේ නම ඉවත් කර ඇතිබව තරගාවලියේ සැක සහිත පන්දු යැවීමේ ක්‍රියාකාරී කමිටුව විසින් දැනුම් දී තිබේ.
කොල්කටා පිලේ නිලධාරීන් විසින් නරේන්ගේ ක්‍රියාව නිල වශයෙන් තහවුරු කරන ලෙස අයි.පී.එල්.හී සැක සහිත පන්දු යැවීමේ ක්‍රියාකාරී කමිටුවෙන් ඉල්ලා සිටියේය. නරේන් විසින් යවන ලද සියලුම පන්දු යැවීමේ ඉරියව් ක්‍රියාකාරී කමිටුව විසින් පියවි ඇසින් පරෙස්සමින් සමාලෝචනය කළ අතර වැලමිට නැවීමේදී අවසර ලත් සීමාවන් තුළ ඇති බව නිගමනය කර තිබේ. කමිටුවට ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශනවල පරිදි 2020 අයි.පී.එල් තරඟවලදී නරේන් එම ආකාරයටම පන්දු යැවීමේ ඉරියව් ප්‍රතිනිර්මාණය කළ යුතු බව කමිටුව සඳහන් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
සැක සහිත ඉරියව්වකින් යුත් නීතිවිරෝධී පන්දු යවන්නන් හඳුනා ගැනීමේ අයි.පී.එල් ප්‍රතිපත්තියට අනුව පිටියේ විනිසුරුවන් විසින් මූලික වාර්තාව සකස්කරනු ලැබිය යුතුය. එසේ වුවත් තරගාවලියේ නීතිරීතිවලට අනුව දැන් නරේන් අනතුරු ඇඟවීමේ ලැයිස්තුවෙන් ඉවත්කර ඇති අතර තරඟාවලියේදී දිගටම පන්දු යැවීමට අවසර දෙනු ලැබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.