Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරංගත් ඩිල්ෂාන්ට එක්වෙයි

තරංගත් ඩිල්ෂාන්ට එක්වෙයි

editorial - 2021 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග ඕස්ටේ්‍රලියාවේ දේශීය ක්‍රිකට් කණ්ඩායමක් සමගින් එක්වීමට නියමිතය. තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය දරණ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සමගින් උපුල් තරංග ගිවිසුම් ගතවූ බව එම ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කර ඇත.

ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරය අයත් වන, වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ක්‍රිකට් සංගමයේ III වන කොටස යටතේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරයි. 

උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31කට, එක්දින ජාත්‍යන්තර තරග 235කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 26 කට ක්‍රීඩා කර ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහු ජාත්‍යන්තර තරග පිටියට සමු දීමට තීරණය කළේය.

තිලකරත්න ඩිල්ෂාන් 2021/22 තරග වාරය වෙනුවෙන් මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකත්වය දරයි. පසුගිය වසරේ පැවැති විස්සයි20 තරගාවලියේදී එම කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ඒමට ඔහු සමත්විය.

තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග දෙදෙනා ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය සාර්ථක වූ ආරම්භක පිතිකරු යුගළයකි. 

 


අදහස් (0)

තරංගත් ඩිල්ෂාන්ට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.