Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය ලකුණු 90 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 90 ක් ඉදිරියෙන්

editorial - 2019 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අළු බඳුන ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 374 ක් ලබාගත් එංගලන්තය තරගයේ තුන්වැනි දිනය වන විට ලකුණු 90 ක මුල් ඉනිමේ වාසියක් අත්පත් කරගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ශතකයක් ලබාගත් නමුත් සංචාරකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 284 ක් පමණි.

තරගයේ තුන්වැනි දිනය වන අද (සෙනසුරාදා) ක්‍රීඩාව ආරම්භ වූයේ එංගලන්තය කඩලු 4 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටියදීය. එහෙත් දිවා ආහාරයට පෙර ලකුණු 4 ක් ඇතුළත කඩුලු4 ක් අහිමි කරගත් සත්කාරකයන්ගේ ලකුණු පුවරුව කඩුලු 8 කට 300 ක් ලෙසින් වෙනස් විය. එහෙත් ක්‍රිස් වෝක්ස් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනා එක්ව දිවා ආහාරය ගැනීමට පෙර ලකුණු තත්ත්වය 328 දක්වා ඉහළ දැමූහ.  9 වැනි කඩුල්ල වෙනුවන් ලකුණු 65 ක් එක්කළ බ්‍රෝඞ් සහ වෝක්ස් දෙදෙනා එංගලන්තයේ මුල් ඉනිමේ වාසිය අත්කර දුන්නේ 80 න් එපිටට ගෙනැවිත් දුන්හ. එහෙත් වෝක්ස්ගේ දැවීයාමත් එංගලන්ත ඉනිමේ අවසානයත් අතර පරතය ලකුණු 9 ක් පමණක් විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පැට්‍රික් කමින්ස් (84/3) සහ නේදන් ලයන් (112/3) කඩුලු 6 ක් බෙදාගත්හ. එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන මොයින් අලී ටෙස්ට් ඉනිමකදී නේදන් ලයන් හමුවේ දැවී ගියේ 8 වැනි වතාවටයි.

ශතක ලාභී රෝරි බර්න්ස් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මොයින් අලී, ඇදහිය නොහැකි වැරදි තීරණයක් ගනිමින් ලයන්ගේ පන්දුව නිදැල්ලේ යාමට හැරියේය. පිට ඉන්න එල්ලයේ පතිත වු ලයන්ගේ පන්දුව කිසිම දඟ කැවීමකින් තොරව ඇදී යමින් අලීගේ පිට ඉන්න උදුරා දැම්මේය.

මේ වන විට අළු බඳුනේ වත්මන් හිමිකරුවන් වන්නේ ඕස්ට්‍රේලියානුවන් වුවද ඔවුන් වසර 18කින් මෙපිට එංගලන්තයේදී අළු බඳුන තරගාවලියක් ජයගෙන නැත.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 284 යි
(උස්මන් කවාජා 13, ස්ටීවන් ස්මිත් 144, ට්‍රැවිස් හෙඞ් 35, පීටර් සිඞ්ල් 44, නේතන් ලයන් 12, ස්ටුවර්ට් බ්‍රෝඞ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3)

එංගලන්තය  - පළමු ඉනිම 374
(රෝරි බර්න්ස් නොදැවී 133, ජේසන් රෝයි 10, ජෝ රූට් 57, ජෝ ඩෙන්ලි 18, බෙන් ස්ටෝක්ස් 50 ක්‍රිස් වෝක්ස් 37, ස්ටුවර්ට් බ්‍රෝඞ් 29, පැට් කමින්ස් 84/3, ජේම්ස් පැටින්සන් 82/2, පීටර් සිඞ්ල් 52/2, නේතන් ලයන් 112/3)

..


අදහස් (0)

එංගලන්තය ලකුණු 90 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.