Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලිය කල්යයි

අයි.පී.එල්. තරගාවලිය කල්යයි

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ වඩාත්ම පොහොසත් ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිකුරාදා (13) තීරණය කළේය. කොරෝනා වයිරසයේ පැතිරීම ඉන්දියාව තුළ වේගවත් වීමත් සමගින් මෙම තීරණය ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට සිදුවිය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන හිටපු ටෙස්ට් නායක සව්රව් ගංගුලි මහතා පවසන්නේ “කිසියම් ආකාරයකින් මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන්නේ නම් එය වෙනදාට වඩා කෙටි තරගාවලියක් වේවි” කියාය. ගංගුලි මහතා පසුගිය සෙනසුරාදා (14 වැනිදා) එසේ ප්‍රකාශ කළේය.

තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදා ආරම්භ වූවද කෙරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා එය ප්‍රේක්‍ෂකයන්ගෙන් තොර තරගාවලියක් ලෙසින් පැවැත්වීමටද බොහෝ දුරට ඉඩ තිබෙන බවද වාර්තා වේ.

ඉන්දියාවේ සංචාරය කරමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මේ මස 16 වැනිදා සහ 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එක්දින අන්තර්ජාතික තරග දෙකක් අවලංගු කර දමා ආපසු සියරට බලාගියේය. ඉරානි කුසලාන ඇතුළු සියලුම ආකාරයේ දේශීය ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.

ඉන්දියාවේ ජනගහණය කෝටි 130 ක් වූවත් කොරෝනා වයිරසයෙන් තවමත් මියගොස් ඇත්තේ දෙදෙනකු පමණි. අද (ඉරිදා) සවස වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ 108 දෙනකු ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. පවතින තත්ත්වය ‘ව්‍යසනයක්’ යනුවෙන් නම්කර ඇති ඉන්දීය රජය මහජනයා එක්රැස්වීම් නවතා දැමීමටත් ගමන් බිමන් සීමා කිරීමටත් තීරණය කර තිබේ.

මේ අතර පවතින තත්ත්වයට මුහුණ දීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද සවස සාක් රටවල නායකයන් සමග අන්තර්ජාලය ඔස්සේ දුරකතන සාකච්ඡාවකද නිරත විය.

අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ මේ මස 29 වැනිදාය. එය මැයි මස 17 වැනිදා අවසන් වීමට නියමිතව තිබිණ. සමාන්‍යයෙන් සති හයකට ආසන්න තරගාවලියක් වන මෙම තරගාවලියේ මූලික තරග සැලැස්ම අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියට තරග 60 ක් ඇතුළත් වේ.

2020 අයි.පී.එල්. තරගාවලියේ සමස්ත ආදායම ඩොලර් බිලියන 11 ක් ලෙසින් වාර්තා වේ.
වසර 2018 සිට 2022 දක්වා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් වීම වෙනුවෙන් චීනයේ ජංගම දුරකතන නිෂ්පාදන  සමාගමක් වන ‘විවෝ’ සමාගම විසින් ගෙවන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් හෙවත්  ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6000 ඉක්මවන්නකි.

..


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.