Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන් මසූඩ් - බාබර් අසාම් පාකිස්තානය ගොඩගනිති

ශාන් මසූඩ් - බාබර් අසාම් පාකිස්තානය ගොඩගනිති

editorial - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අද  (5 වැනිදා) එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තේ පානය සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටියේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පැය භාගයක් පමණ වේලාසනින් තේ පානය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඒ වන විට ආරම්භක පිතිකරු ශාන් මසූඞ් හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 45 ක්ද, බාබර් අසාම් හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 52 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. තේ පානය සඳහා තරගය නතර කරන විට මසූඞ් සහ බාබර් අසාම් එක්ව පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 78 කි.

මෙම තරගයේදී සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් බාබර් අසාම් එම අර්ධ ශතකයත් සමග අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම් 6 තුළදී ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් ලබා තිබේ.

ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම හයේදී ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 97, නොදැවී 102, නොදැවී 100, 60, 143 සහ නොදැවී 52 ක් ලෙසිනි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් වන විට ලකුණු 16 ක් ලබා සිටි අබීඞ් අලීගේ කඩුල්ල බිඳ දැමීමට ජොෆ්රා ආචර් සමත් විය. පාකිස්තානු ලකුණු පුවරුවට තවත් ලකුණු 7 ක් එක්වන විට නායක අසාර් අලී ලකුණු නොලබාම දැවී ගියේ ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.


පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 121
(ශාන් මසූඩ් නොදැවී 45, අබීඞ් අලී 16, බාබර් අසාම් නොදැවී 52)

- 036

 

 


අදහස් (0)

ශාන් මසූඩ් - බාබර් අසාම් පාකිස්තානය ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.