
සිම්බාබ්වේ පිලේ පළමු ඉනිම ලකුණු 406 කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීත් සාරථක ආරම්භයක් ලබාගත්හ. තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් ඇතැතිව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා තවත් ලකුණු 284 ක් පසුපසින් සිටි අතර කුසල් මෙන්ඩිස් (නොදැවී 19) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 4) ඒ වන විට පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න (44) සහ ඕෂධ ප්‍රනාන්දු (44) ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පා ඉන්නට ඈතින් ගිය පන්දුවකට ඕෂධ ප්‍රනාන්දු ගැසූ පහරකින් උඩපන්දුවක් ඇදී යද්දී කඩුලු රකින්නා වූ රෙගීච් චකබ්වා ඒ වෙත පැන්න නමුත් ඔහුට උඩපන්දුව ඩැහැගැනීමට නොහැකි විය.
සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දිමුත් කරුණාරත්න දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. දිමුත්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 10 ක් එක්වන විට ඕෂධ දැවී ගියේ ඩොනල්ඞ් ටිරිපානෝගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වා අතට උඩ පන්දුවක් දෙමිනි.
තරගයේ පළමු දිනය නිමාවේදී කඩුලු 6 කට ලකුණු 352 ක් ලබා සිටි සිම්බාබ්වේ පිලේ අවසන් කඩුලු හතරම ලකුණු 44 කදී බිඳ දැමීමට ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා සමත් වූහ. අවසන් කඩුලු 4 න් තුනක්ම දවාගන්නා ලද්සේ ඇඹුල්දෙණිය විසිනි. එහෙත් පළමු දිනයේදී ඔහු ෂෝන් විලියම්ස් වෙතින් දැඩි ප්‍රහාරයකට ලක්වී තිබිණ.
පළමු දිනයේ නොදැවී සිටි පිතිකරු රෙගීස් චකබ්වාට ඊයේ සිය කඩුල්ල රැකගත හැකිවූයේ ඕවර 6 ක් පමණි. දක්වැල්ල - ඇඹුල්දෙණිය සුසංයෝගය නිසා චකබ්වාගේ ඉනිම නිමාවිය. කෝඩුකාරයා වූ ටිනොටෙන්ඩා මුටොම්බොඞ්සි ලකුණු 33 ක් ලබාගැනීමෙන් පසුව ස්වීප් පහරක් ගැසීමට යාමේදී ධනංජය ද සිල්වාට කඩුල්ල පූජා කළේය.
කෙසේ වෙතත් ඩොනල්ඞ් ටිරිපානෝ සහ කාල් මම්බා එක්ව සිම්බාබ්වේ පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ. හෙට තරගයේ තුන්වැනි දිනයයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට තරගය ආරම්භ වේ.
ලකුණු පුවරුව
සිම්බාබ්වේ - පළමු ඉනිම
ප්‍රින්ස් මසාවුරේ - ඇ.දික්වැල්ල ප.කුමාර 9
කෙවින් කසූසා - ප.ලක්මාල් 38
ක්‍රෙග් අර්වින් - ඇ.ඕෂද ප.ධනංජය 12
බ්‍රෙන්ඩන් ටේලර් - ක.මූ.කළා ප.ලක්මාල් 62
ෂෝන් විලියම්ස් - ප.ධනංජය 107
සිකන්දර් රාසා - ඇ.මැතිව්ස් ප.ඇඹුල්දෙණිය 72
රෙගීස් චකබ්වා - ඇ.දික්වැල්ල ප.ඇඹුල්දෙණිය 31
ටිනොටෙන්ඩා මුටොම්බොඞ්සි - ක.මු.කළා ප. ධනංජය 33
ඩොනල්ඞ් ටිරිපානෝ - ඇ.ලක්මාල් ප.ඇඹුල්දෙණිය 13
කාර්ල් මම්බා - නොදැවී 11
වික්ටර් නිව්චි - ඇ.ධනංජය ප.ඇඹුල්දෙණිය 6
අතිරේක 12
එකතුව ඕවර 115.3 කදී සියලුදෙනා දැවී 406
කඩුලු වැටීම :
1-21(මසාවුරේ), 2-49(අර්වින්), 3-114(කසූසා), 4-133(ටේලර්), 5-292(රාසා), 6-324(විලියම්ස්), 7-362(චකබ්වා), 8-386(මුටොම්බොඞ්සි), 9-394(ටිරිපානෝ), 10-406(නිව්චි)
පන්දු යැවීම :
සුරංග ලක්මාල්: 22-9-37-2, විශ්ව ප්‍රනාන්දු: 14-1-45-0, ළහිරු කුමාර: 20-5-60-1, ලසිත් ඇඹුල්දෙණිය: 42.3-8-182-4, ධනංජය ද සිල්වා: 17-1-71-3
ශ්‍රී ලංකාව - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ක.මු. කළා ප.රාසා 44
ඕෂධ ප්‍රනාන්දු - ඇ.චකබ්වා ප.ටිරිපානෝ 44
කුසල් මෙන්ඩිස් - නොදැවී 19
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 4
අතිරේක 11
එකතුව ඕවර 54 කදී කඩුලු 2 ක් දැවී 122
පන්දුවට පහරදීමට සිටින ක්‍රීඩකයෝ :
දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ සුරංග ලක්මාල්
කඩුලු වැටීම :
1-94(දිමුත්), 2-104(ඕෂධ)
පන්දු යැවීම:
කාර්ල් මම්බා: 9-1-23-0, සිකන්දර් රාසා: 17-4-39-1, ඩොනල්ඞ් ටිරිපානෝ: 12-9-05-1, වික්ටර් නිව්චි: 11-4-17-0, ටිනොටෙන්ඩා මුටොම්බොඞ්සි: 5-0-27-0
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.