Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 නායකත්වයත් තාවකාලිකව දිමුත්ටම

විස්සයි-20 නායකත්වයත් තාවකාලිකව දිමුත්ටම

editorial - 2021 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැරණි ගමන් බලපත්‍රය අස්ථානගතවීම හේතුවෙන් ඇමරිකාව හරහා යාමට වීසා නොලැබීම නිසා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක දසුන් ශානකට අද (26 වැනිදා) සවස් වන තුරුත් රටින් පිටවීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය මත කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නට පැවරීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡා කරමින් සිටිති.

විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා වෙත ළඟා වී සිටී. එහෙත් විස්සයි-20 නායකයා වන දසුන් ශානක තවමත් ශ්‍රී ලංකාවේය. තරගාවලි තුනෙන් පළමුවැන්න වන ශ්‍රී ලංකා  - කොදෙව් විස්සයි-20 තරගාවලිය මාර්තු මස 3 වැනිදා ආරම්භ වේ. එබැවින් දසුන් ශානක හෙට (27 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියද ඔහුට ඇන්ටිගුවා දක්වා ගමන් කිරීමට ගතවන කාලය සහ නිරෝධායන නීති හේතුවෙන් පළමු විස්සයි-20 තරගය අහිමි වීමේ විශාල ඉඩක් තිබේ.

විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇති ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම කණ්ඩායමේ සිටින නමුත් දිගින් දිගටම පරාජය වීමේ විශාල අගාධයක වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය මේ අවස්ථාවේදී එකිනෙකා අතර සීරු-මාරු කිරීමට තේරීම් කමිටු නිලධාරීහු අකමැත්තෙන් සිටිති. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නට මෙම වගකීම බාර දෙනවානම්, ඒ තාවකාලික විසඳුමක් වශයෙන් පමණක් මිස ස්ථාවර වශයෙන් නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණ ගැනීමේ බලය හිමි නිලධාරීන්ගේ මතයයි.

“දිමුත් කරුණාරත්න කියන ටෙස්ට් පිතිකරුවා නැතිකරගන්න අපට ඕන නෑ... ඒත් මේ වෙලාවේ අපිට වෙන විසඳුමක් පේන තෙක් මානයක නෑ” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් ඊයේ සවස ලංකාදීපයට පැවසීය.

දිමුත් කරුණාරත්න මේ දක්වා එකම විස්සයි-20 අන්තර්ජාතික තරගයකට හෝ සහභාගි වී නැත. එහෙත් පසුගිය සෙනසුරාදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති විස්සයි-20 පුහුණු තරගයේදී ඇදහිය නොහැකි පිතිහරඹයක නිරත වූ හෙතෙම පන්දු 53 කදී ලකුණු 89 ක් වාර්තා කිරීමට සමත් විය.


අදහස් (0)

විස්සයි-20 නායකත්වයත් තාවකාලිකව දිමුත්ටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.