Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලිය ලකුණු 44 කින් චෙන්නායි පරදවයි

දිල්ලිය ලකුණු 44 කින් චෙන්නායි පරදවයි

editorial - 2020 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



කගිසෝ රබාඩා (26/3) සහ අක්ෂර් පතෙල් (4-0-18-1) දෙදෙනාගේ අගනා පන්දු යැවීමත් ප්‍රිත්වි ෂෝගේ (64) ධෛර්වයත් පිතිහරඹයත් නිසා දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 44 ක ජයක් වාර්තා කළහ. මෙම තරගය සිකුරාදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම ජයත් සමගින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කරගනිද්දී පසුගිය වසරේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක්  හඹා ගිය චෙන්නායි පිතිකරුවෝ කිසි විටෙකත් තමන් ඉලක්කය කරා යාමට සූදානම් බවක් නොපෙන්වූහ.ආරම්භයේ සිටම මන්දගාමී වූහ.

ආරම්භක පිතිකරුවන් වූ මුරලි විජේ සහ ෂේන් වොට්සන් දෙදෙනාම පන්දු යවන්නන් හමුවේ ආක්‍රමණයට අපොහොසත් වීම නිසා ප්‍රහාරාත්මක ඕවර 6 දී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 35 ක් පමණි. වේගයෙන් ලකුණු රැස්කිරීමට නම් දරා ඇති ෆෆ් ඩු ප්ලෙසි සහ රුතුරාජ් ගයික්වාඩ් ද මන්දගාමී වූහ. ඉනිමේ 7 වැනි ඕවරයේ සිට 10 වැන්න දක්වා චෙන්නායි කණ්ඩායම ලබාගත්තේ ලකුණු 12 ක් පමණි.

අංක 5 පිතිකරු ලෙසින් පැමිණි කේදාර් ජාදව් සහ ඩු ප්ලෙසි ලකුණු වේගය වැඩිකිරීමට උත්සාහ කළ නමුත් එ් වන විට අවශ්‍ය වේගය ඕවරයකට ලකුණු 15 කට වඩා වැඩි වී තිබිණ. එය අසීරු අභියෝගයකි.

නායක එම්.එස්. දෝනි පන්දුවට පහර දීමට යාම ප්‍රමාද වීම නැවත වරක් ප්‍රශ්නයට ලක්වුයේය. දෝනි අංක 6 පිතිකරුවා වීම සම්බන්ධයෙන් විමතිය පළ කළ විරෙන්දර් සෙවැග් කීවේ දෝනි පන්දුවට පහර දීමට යාමට පෙර ඉන්දියාවට විදුලි දුම්රිය ලැබෙනු ඇති බවයි.

පරෙස්සම මෙන්ම  ආක්‍රමණශීලීත්වය කදිමට සංයෝජනය කරගත් ප්‍රිත්වි ෂෝ දිල්ලි පිල වෙනුවෙන් පන්දු 49 කින් ලකුණු 65 ක් ලබාගත්තේ හතරේ පහර 9 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. ශිකර් ධවාන්  සහ රිෂාබ් පන්ට් දෙදෙනාත් හොඳ දායකත්වයක් දුන් හෙයින් දිල්ලි පිලට ලකුණු 175 ක් ලබාගත හැකිවියි.

ධවාන් සහ ප්‍රිත්වි ෂෝ දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක් එක් කළහ. තවමත් 20 හැවිරිදි තරුණයකු වන ප්‍රිත්වි ෂෝ මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම කඩුලු රකින්නාට උඩපන්දුවක් ලැබුණ නමුත් ඒ සම්බන්ධයෙන් දෝනිට හෝ පන්දු යැවූ චාහර්ට අවබෝධයක් නොතිබිණ.

ප්‍රහාරාත්මක ඕවර කිහිපය අවසන් වූවද ෂෝ තමන්ගේ ආක්‍රමණය නතර නොකළේය. ඒ අතරවාරයේදී ෂිකාර් ධවාන් කිසිදු අනුකම්පාවකින් තොරව චෙන්නායි දඟ පන්දු යවන්නන්ට දිගින් දිගටම පහර දුන්නේය.


දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 175
(ප්‍රිත්වි ෂෝ 64, ෂිකාර් ධවාන් 35, රිෂාබ් පන්ට් නොදැවී 37, ශ්‍රීයාස් අයියර් 26, පියුස් චව්ලා 33/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 131 යි
(මුරලි විජේ 10, ෂේන් වොට්සන් 14, ෆෆ් ඩු‘ප්ලෙසි 43, කේදර් ජාදව් 26, එම්.එස්. දෝනි 15, රවීන්ද්‍ර ජදේජා 12, කගීසෝ රබාඩා 26/3, ඇන්රිච් නෝයේ 21/2)

- 213

 


අදහස් (0)

දිල්ලිය ලකුණු 44 කින් චෙන්නායි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.