Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජොස් බට්ලර්ගේ කමිසය වෙන්දේසියේ

ජොස් බට්ලර්ගේ කමිසය වෙන්දේසියේ

editorial - 2020 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මුදල් රැස් කිරීම සඳහා එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් තමාගේ කමිසය වෙන්දේසියට දමා ඇත. පසුගිය ගිම්හානයේ පැවති ලෝක කුසලාන අවසන් තරඟයේදී ජොස් බට්ලර් ඇඳ සිටි කමිසය එයයි.

බට්ලර් විසින් නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ගප්ටිල් දුවද්දී දවා ගැනීමට හසුකර ගනිමින් සුපිරි ඕවරය ජය ගැනීමට සමත්වීමත් සමගින් පළමු වරට ලෝක කුසලාන ජය ගැනීමට එංගලන්තයට සමත් විය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ හෘද හා පෙනහළු මධ්‍යස්ථාන දෙකකට ආධාර කිරීම සඳහා ජොස් බට්ලර් ලෝක කුෂලාන අවසන් මහ තරගයේදී තමන් ඇඳ සිටි කමිසය වෙන්දේසි කිරීමට ඉදිරිපත් විය.

මාර්තු 31 වැනිදා එංගලන්ත වේලාවෙන් අඟහරුවාදා පස්වරු 10.00 වන විට ඒ වෙනුවෙන් ඉදිරිපත් ව තිබූ වැඩිම ලංසුව වූයේ බි්‍රතාන්‍ය පවුම් 61,100 කි. එම කමිසයට එංගලන්ත ලෝක කුසලාන සංචිතයේ සියලුම ක්‍රීඩකයින් විසින් අත්සන් කරනු ඇත.

“රාජකීය බ්‍රැම්ප්ටන් සහ හෙයර්ෆීල්ඞ් රෝහල් අරමුදල වෙනුවෙන් මගේ ලෝක කුසලාන අවසන් කමිසය වෙන්දේසි කරන්නෙමි. පසුගිය සතියේ ඔවුන් විසින් හදිසි ආයාචනයක් ඉදිරිපත් කළා ජීවිතාරක්ෂක උපකරණ ලබා දෙන ලෙසට” යැයි 29 හැවිරිදි බට්ලර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.
...


අදහස් (0)

ජොස් බට්ලර්ගේ කමිසය වෙන්දේසියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.