Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් සභාපතිට ඇමතිගෙන් නියෝග

ක්‍රිකට් සභාපතිට ඇමතිගෙන් නියෝග

යොහාන් භාසුර - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර සේවා කාලය අවසන් වී ඇති සියලුම තනතුරු පුරප්පාඩු පිරවීමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට ලිඛිව දැනුම් දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලිපියෙන් වැඩි දුරටත් දන්වා ඇත්තේ සේවා ගිවිසුම් අවසන් වූ සියලු තනතුරුවලට බඳවා ගැනීමේදී ප්‍රසිද්ධ දැන්වීම් පළ කළ යුතු බවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දේශීය ක්‍රිකට් තරග රූපවාහිනී අයිති විකිණීමේ ව්‍යාපෘතිය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක් පත්කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරු පත්කර ඇති අතර එයට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරියකු ද ඇතුළත් වීමට නියමිතය බවත් වාර්තා වේ.

 


අදහස් (0)

ක්‍රිකට් සභාපතිට ඇමතිගෙන් නියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.