Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට ලකුණු 134 ක දැවැන්ත ජයක්
සජීවි විස්තර

ඕස්ට්‍රේලියාවට ලකුණු 134 ක දැවැන්ත ජයක්

editorial - 2019 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ඕස්ට්‍රේලියාවට ලකුණු 134 ක දැවැන්ත ජයක්.

................................................................................................................................................................

ඕවර 20 - 99/9

ඉනිමේ අවසන් පන්දුවේදී ලකුණු 2 ක් ලබා ගැනීමට මාලිංග සමත් වුවද, ශ්‍රී ලංකා කළණ්ඩායමට ලකුණු 100 සීමාව ඉක්මවා යෑමට පවා නොහැකි විය.

................................................................................................................................................................

ඕවර 19.4 - 91/9

මාලිංගගෙන් මිඩ් විකට් සහ ලෝන් ඕන් කළාප අතරින් හතරේ පහරක්.

................................................................................................................................................................

20 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 18.2 - 91/9

ප්‍රදීප්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

19 වැනි ඕවරය යැවීම සඳහා කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 18 - 87/9

ස්ටාක්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

................................................................................................................................................................

18 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි.

................................................................................................................................................................

11 වැනි පිතිකරුවා ලෙස නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 16.6 - 83/9

සම්පාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් කසුන් රාජිත ලකුණු නොලබා දැවී යයි.

................................................................................................................................................................

10 වැනි පිතිකරුවා ලෙස කසුන් රාජිත පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 16.3 - 82/8

සම්පාගේ පන්දුවක් හමුවේ ලොන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඇස්ටන් ආගර් අතට උඩ පන්දුවක් දෙමින් ලක්ෂාන් සඳකැන් ලකුණු 6 කට දැවී යයි. (පන්දු 7 යි, හතරේ පහර 1 යි)

................................................................................................................................................................

ඕවර 15.2 - 79/7

සඳකැන්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

16 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 15 - 74/7

සම්පාගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

................................................................................................................................................................

නමවැනි පිතිකරුවා ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 14.2 - 71/7

සම්පාගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි කේන් රිචඩ්සන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 17 කට දැවී යයි. (පන්දු 18 යි, හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)

................................................................................................................................................................

15 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා කැඳවයි.

................................................................................................................................................................

අටවැනි පිතිකරුවා ලෙස ලක්ෂාන් සඳකැන් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 14 - 71/6

ලකුණු 5 ක් ලබා සිටි වනිඳු හසරංග දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සහ ඇලෙක්ස් කේරි සමත් වෙති.

................................................................................................................................................................

ඕවර 12.4 - 66/5

රිචඩ්සන්ගේ කෙටි පන්දුවට දසුන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

................................................................................................................................................................

ඕවර 12 - 57/5

ආගර්ගේ තෙවැනි ඕවරයටද ලකුණු 2 ක් පමණයි.

................................................................................................................................................................

ඕවර 10.5 - 55/5

දසුන්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 10.3 - 50/5

මිචෙල් ස්ටාක්ගේ් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කුසල් පෙරේරා ලකුණු 16 කට දැවී යයි. (පන්දු 16 යි, හතරේ පහර 1 යි)

................................................................................................................................................................

11 වැනි ඕවරය යැවීම සඳහා යළිත් මිචෙල් ස්ටාක් කැඳවයි.

................................................................................................................................................................

හයවැනි පිතිකරුවා ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 9.2 - 46/4

ඇස්ටන් ආගර්ගේ් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13 කට දැවී යයි. (පන්දු 21 යි, හතරේ පහර 1 යි)

................................................................................................................................................................

ඕවර 9 - 45/3

සම්පාගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

................................................................................................................................................................

ඕවර 8.1 - 44/3

කුසල් පෙරේරා 10 ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාවක් ඇලෙක්ස් කේරි අතින් ගිළිහී යයි.

................................................................................................................................................................

ඕවර 8 - 40/3

ආගර්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

................................................................................................................................................................

අටවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඇස්ටන් ආගර් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 7 - 38/3

සම්පාගේ පළමු ඕවරයේදී ලකුණු 9 රැස් කිරීමට කුසල් සහ ඕෂධ සමත් වෙති.

................................................................................................................................................................

හත්වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කැඳවයි.

................................................................................................................................................................

ඕවර 5.6 - 29/3

කුසල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 5.2 - 22/3

ඕෂධගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 5 - 17/3

රිචඩ්සන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

................................................................................................................................................................

පස්වැනි ඕවරය යැවීම සඳහා යළිත් කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

පස්වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 3.4 - 13/3

කමින්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 2 කට දැවී යයි. (පන්දු 6 යි)

................................................................................................................................................................

සිවුවැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු කුසල් පෙරේරා පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 3.3 - 13/2

කමින්ස්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 11 කට දැවී යයි. (පන්දු 13 යි, හතරේ පහර 2 යි)

................................................................................................................................................................

සිවුවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 2.3 - 12/1

ධනුෂ්කගෙන් ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 2.2 - 08/1

ධනුෂ්කගෙන් කවර් සහ පොයින්ට් කළාප අතරින් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 1.6 - 04/1

ලකුණු 2 ක් ලබා සිටියදී ධනුෂ්ක ගුණතිලක ලබාදුන් උඩ පන්දුවක් ඩීප් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ඇස්ටන් ඒගර් අතින් ගිළිහී යයි.

................................................................................................................................................................

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

තෙවැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු භානුක රාජපක්ෂ පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 0.5 - 01/1

ස්ටාක්ගේ පන්දුවක් හමුවේ මිඩ්  ඕන් කළාපයේ පන්දු කරමින් සිටි ඇස්ටන් ටනර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යයි.

................................................................................................................................................................

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කැඳවයි.

................................................................................................................................................................

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා කුසල් මෙන්ඩිස් සමගින් ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසෙති.

................................................................................................................................................................

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක්.

................................................................................................................................................................

ඕවර 19.6 - 233/2

ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් පන්දුවට එක් ලකුණක් ලබාගනිමින් ඩේවිඩ් වෝනර් සිය මංගල විස්සයි20 ශතකය ලබාගනී.

................................................................................................................................................................

සිවුවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ඇස්ටන් ටනර් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 19.3 - 229/2

දසුන් ශානකගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 62 කට දැවී යයි. (පන්දු 28 යි, හයේ පහර 3 යි, හතරේ පහර 7 යි)

................................................................................................................................................................

ඕවර 19.1 - 228/1

වෝනර්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

20 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානක කැඳවයි.

................................................................................................................................................................

ඕවර 18.4 - 221/1

මැක්ස්වෙල්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

සිය අවසන් ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැදවයි.

................................................................................................................................................................

ඕවර 17.6 - 216/1

අවසන් පන්දුවටද ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කරමින් මැක්ස්වෙල් 18 වැනි අවසන් ඕවරය නිමා කරයි.

................................................................................................................................................................

ඕවර 17.5 - 210/1

මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කරමින් මැක්ස්වෙල් සිය 7 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

................................................................................................................................................................

ඕවර 17.3 - 203/1

බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කරමින් වෝනර් සිය ඉහළම විස්සයි20 ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරයි.

................................................................................................................................................................

18 වැනි ඕවරය යැවීම සඳහා කසුන් රාජිත කැඳවයි. මෙය ඔහුගේ අවසන් ඕවරයයි.

................................................................................................................................................................

ඕවර 16.6 - 198/1

වෝනර්ගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 16.2 - 191/1

මැක්ස්වෙල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ලසිත් මාලිංග සිය අවසන් ඕවරය යැවීම සඳහා පැමිණෙයි.

................................................................................................................................................................

ඕවර 15.5 - 184/1

මැක්ස්වෙල්ගෙන් ෂෝට් තර්ඩ් මැන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

16 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 14.5 - 176/1

වෝනරගෙන් පොයින්ට් කළාපය හරහා තවත් හතරේ පහරක්. පොයින්ට් කළාපයේ රැදී සිටි පන්දු රකින්නා පන්දුව රැක ගැනීමට අසමත් වෙයි.

................................................................................................................................................................

ඕවර 14.2 - 170/1

මැක්ස්වෙල්ගේ පිත්තේ දාරයේ වැදී කඩුලු රකින්නාගේ හිසට ඉහළින් ඇදි ගිය පන්දුව හතරේ සීමාව පසුකරයි.

................................................................................................................................................................

15 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණයෙි.

................................................................................................................................................................

ඕවර 13.5 - 164/1

වෝනර් පන්දු යවන්නාගේ හිසට ඉහළින් හතරේ පහරක් එල්ල කරයි.

................................................................................................................................................................

ඕවර 13.4 - 160/1

වෝනර්ගෙන්ද ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

................................................................................................................................................................

ඕවර 13.2 - 153/1

මැක්ස්වෙල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

................................................................................................................................................................

ඕවර 13.1 - 147/1

මැක්ස්වෙල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. එම හතරේ පහර වැලැක්වීමට ධනුෂ්ක ගුණතිලක උත්සාහ ගත්තද ඔහුගේ උත්සාය අසාර්ථක විය.

................................................................................................................................................................

ඕවර 12.2 - 138/1

මැක්ස්වෙල්ගෙන් එක්ට්‍රා කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 12.1 - 134/1

මැක්ස්වෙල්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 12 - 128/1

වනිඳුගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

................................................................................................................................................................

12 වැනි ඕවරය යැවීම සඳහා යළිත් වනිඳු හසරංග කැඳවයි.

................................................................................................................................................................

තෙවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 10.5 - 122/1

සඳකැන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ෆින්ච් ලකුණු 64 කට දැවී යයි. (පන්දු 36 යි, හයේ පහර 3 යි, හතරේ පහර 8 යි)

................................................................................................................................................................

ඕවර 10.4 - 122/0

ෆින්ච්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 10.1 - 116/0

ෆින්ච්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

ඕවර 9.6 - 112/0

අවසන් පන්දුවටද කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කරමින් වෝනර් 10 වැනි ඕවරය නිමා කරයි.

................................................................................................................................................................

ඕවර 9.5 - 108/0

මිඩ් විකට් කළාපයට ඉහළින් තවත් හයේ පහරක් එල්ල කරමින් වෝනර් සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූරණ කරයි.

................................................................................................................................................................

ඕවර 9.4 - 102/0

එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් වෝනර්ගෙන් එල්ල කළ හයේ පහරත් සමග ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාව පසුකරයි.

................................................................................................................................................................

ඕවර 9.2 - 95/0

ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කරමින් ෆින්ච් සිය 10 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූරණ කරයි.

................................................................................................................................................................

10 වැනි ඕවරය යැවීම සඳහා යළිත් කසුන් රාජිත කැඳවයි.

................................................................................................................................................................

ඕවර 8.4 - 85/0

වෝනර්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 8.3 - 81/0

වෝනර් කඩුල්ල මුවාකළ බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ප්‍රබල ඉල්ලීමක්. එහෙත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

................................................................................................................................................................

ඕවර 7.5 - 79/0

ෆින්ච්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

................................................................................................................................................................

ඕවර 7.4 - 73/0

ෆින්ච්ගෙන් එක්ට්‍රා කවර් කළාපයට ඉහළින් හයේ පහරක්.

................................................................................................................................................................

අටවැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි.

................................................................................................................................................................

ඕවර 6.6 - 65/0

වෝනර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

හත්වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 6 - 57/0

ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

................................................................................................................................................................

ඕවර 4.5 - 52/0

ෆින්ච්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 4.3 - 47/0

නිපන්දුව හේතුවෙන් හිමිවූ නිදහස් පහරේදී වෝනර්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහලින් හයේ පහරක්.

................................................................................................................................................................

ඕවර 4.3 - 41/0

රාජිතගේ නිපන්දුවට වෝනර්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා තවත් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 4.2 - 36/0

වෝනර්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

පස්වැනි ඕවරය යැවීම සඳහා යළිත් කසුන් රාජිත කැඳවයි.

................................................................................................................................................................

ඕවර 3.4 - 30/0

ෆින්ච්ගෙන් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 3.3 - 26/0

ෆින්ච්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 3.1 - 22/0

ෆින්ච් කඩුල්ල මුවාකළ බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ප්‍රබල ඉල්ලීමක්. එහෙත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

................................................................................................................................................................

සිවුවැනි ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 3 - 22/0

මාලිංගගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

................................................................................................................................................................

ඕවර 1.6 - 20/0

ෆින්ච්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 1.4 - 16/0

රාජිතගේ කෙටි පන්දුවට ෆින්ච්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

දෙවැනි ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවයි.

................................................................................................................................................................

ඕවර 0.2 - 04/0

මාලිංගගේ කෙටි පන්දුවට ෆින්ච්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

පළමු ඕවරය යැවීමට නායක ලසිත් මාලිංග සූදානම්.

................................................................................................................................................................

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කිරීම සඳහා නායක ඒරන් ෆින්ච් සමගින් ඩේවිඩ් වෝනර් පිටියට පිවිසෙති.

................................................................................................................................................................

විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග සහ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා යළිත් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

................................................................................................................................................................

උප නායක නිරෝෂන් දික්වැල්ලට සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නොමැත.

................................................................................................................................................................

පුහුණු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට ක්‍රීඩා කරයි.

................................................................................................................................................................

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි.

................................................................................................................................................................

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.
 
අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 134 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.