Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් පවා වරක් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට විසිවී තිබේ. ඒ අසාර්ථකවීම හේතුවෙනි.
අදින් හරියටම වසර 91 කට පෙර, 1928 නොවැම්බර් 30 වැනිදා, සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ට එම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 19 ක් පමණි. බ්‍රිස්බේන්හිදී පැවැති එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 18 ක් ලබාගත් බ්‍රැඞ්මන් දෙවැනි ඉනිමේදී ලකුණු 1 කට දැවී ගිය අතර එම තරගයේදී එංගලන්තය ලකුණු 675 ක දැවැන්ත ජයක් ලබාගත්තේය.
එම තරගයෙන් පසුව, දෙසැම්බර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා, සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එංගලන්ත - ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයට බ්‍රැඞ්මන් තෝරා නොගන්නා ලදි. එම තරගයේදීත් එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්තේය.
කෙසේ වෙතත් මෙල්බර්න් ටෙස්ට් තරගය සඳහා බ්‍රැඞ්මන් තෝරා ගත්තේය. එහි පළමු ඉනිමේදී ලකුණු 79 ක් ලබාගත් බ්‍රැඞ්මන් දෙවැනි ඉනිමේදී ලකුණු 112 ක් ලබාගත්තද එංගලන්ත පිල එම තරගයත් ජයගත්තේය. සිව්වැනි සහ පස්වැනි ටෙස්ට් තරග වලදී බ්‍රැඞ්මන්ගේ ලකුණු ලබාගැනීම් වාර්තා වූයේ 40, 58, 123 සහ නොදැවී 37 ක් ලෙසිනි.
වසර 20 ක පමණ කාලයක් ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කරමින්ද, පසුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලට නායකත්වය දෙමින්ද ටෙස්ට් තරග 52 කට ක්‍රීඩා කළ බ්‍රැඞ්මන් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ අසහාය පිතිකරුවා වශයෙනි.
ටෙස්ට් තරග 52 කදී ලකුණු 6996 ක් ලබාගත් බැඞ්මන්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 99.94 කි. ඒ අතරවාරයේදී ශතක 29 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් “ශ්‍රීමත්’ යන නයිට් නාමයෙන්ද පිදුම් ලැබීය.
..
Dilan Sunday, 01 December 2019 12:42 AM
කියන තරම් පොරක් නෙවේ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.