Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටිම් සවුතිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 9 ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගත්හ.
නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 183 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමට ටිම් සවුතිගේ සහ ටේරන්ට් බෝල්ට්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී සවුති ලකුණු 61 කට කඩුලු 5 ක්ද, බෝල්ට් ලකුණු 39 කට කඩුලු 4 ක්ද දවාගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම සුනුවිසුණු කළහ.
ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 58 ක් රැස්කළ අතර අජින්ක්‍යා රහනේ හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, රිෂාබ් පාන්ට් හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද රැස්කළහ.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 165 ට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 348 ක් රැස්කළ අතර එහිදී නායක කේන් විලියම්සන් ලකුණු 89 ක් රැස්කළේ හතරේ පහර 11 ක් සමගිනි. පසුපෙළ පිතිකරුවන් වූ කයිල් ජැමීසන් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 44 ක්ද, ටේරන්ට් බෝල්ට් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් නවසීලන්ත කණඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 165
(පිත්වි ෂෝ 16, මායන්ක් අගර්වාල් 34, අජින්ක්‍යා රහනේ 46, රිෂාබ් පාන්ට් 19, මොහොමඞ් සාමි 21, කයිල් ජැමිසන් 39/4, ටිම් සවුති 49/4)
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 348
(ටොම් බ්ලන්ඩල් 30, කේන් විලියම්සන් 89, රොස් ටේලර් 44, හෙන්රි නිකෝල්ස් 17, බී.ජේ. වොට්ලින් 14, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 43, කයිල් ජැමීසන් 44, ටේරන්ට් බෝල්ට් 38, ඉෂාන්ත් ශර්මා 68/5, රවිචන්ද්‍රන් අෂ්වින් 99/3)
ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 191
(පිත්වි ෂෝ 14, මායන්ක් අගර්වාල් 58, විරාට් කෝලි 19, අජින්ක්‍යා රහනේ 29, හනුමා විහාරි 15, රිෂාබ් පාන්ට් 25, ඉෂාන්ත් ශර්මා 12, ටිම් සවුති 61/5, ටේරන්ට් බෝල්ට් 39/4)
නවසීලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 09
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.