Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හඳට යන කාලේ අතිරේක දිනයක් නැත්තේ ඇයි

හඳට යන කාලේ අතිරේක දිනයක් නැත්තේ ඇයි

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

මිනිසාට හඳට යන්න පුළුවන් යුගයේ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් අතිරේක දිනයක් වෙන්කිරීමට නොහැකි වීම පුදුමයක් යයි බංග්ලාදේශ පුහුණුකරු ස්ටීවන් රෝඞ්ස් කියයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ස්ටීව් රෝඞ්ස් එසේ කියා සිටියේය.

“මිනිසුන් හඳට යවන්න පුලුවන් නම් ඇයි අපිට බැරි තරගයකට අතිරේක දිනයක් යොදන්න”
“මම දන්නවා ඒක තරමක් අසීරු කාර්යයක් කියලා. නමුත් තරග 2 ක් අතර ලොකු පරතරයක් පවතින වෙලාවක අපිට පුලුවන් නියමිත දිනයට පසු දිනයේදී මීළඟ තරගය පැවැත්වෙන ප්‍රදේශයට ගමන් කරන්න. එහෙම වුණොත් මම හිතනවා තරගයකට අතිරේක දිනයක් යොදාගන්න අපහසු වෙන එකක් නැහැ කියලා” යැයි රෝඞ්ස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (11 වැනිදා) බි්‍රස්ටල්හිදී පැවැති ලෝක කුසලන තරගය පැවැත්විය නොහැකි වූ බැවින් ශ්‍රී ලංකාව සමග ප්‍රසාද ලකුණක් බැගින් බෙදා හදාගැනීමට බංග්ලාදේශයට සිදුවිය. එහෙත් තරගය පැවැත්වූයේ නම් තරගය ජයගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 2 ක් හිමිවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගය ජයගැනීමට තමන්ට අවස්ථාව තිබුණේය යන්න බංග්ලාදේශ පුහුණුකරුවා විශ්වාස කළේ නම් එය අරුමයක් නොවේ. අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 11 න් 9 ක්ම පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා තිබුණේ ස්කොට්ලන්තයට සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව තරග දෙකක් පමණි.

අනෙක් අතට අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව 9 වැනි තැනට ඇද වැටී තිබෙන නමුත් බංග්ලාදේශ පිල හත්වැනි ස්ථානයේ සිටී.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතව තිබූ 2 ක් වැස්සට සේදී යෑමත්, ඒ හේතුවෙන් තම කණ්ඩායම සහභාගි වූ අවසන් තරගය සහ ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ තරගය අතර දින 11 ක පරතරයක් ඇතිවීමත් සම්බන්ධයෙන් තමා මහත් කණස්සල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කීවේය.

“තරගයක් අත්හැර දැමීම නිසා ලකුණු සම සමව බෙදී යෑම හොඳයි කියා ඔබ හිතනවා ඇති. නමුත් කණ්ඩායමක් විධියට අපි මෙහෙට ආවේ ක්‍රීඩා කරන්නයි. ඒ නිසා අපිට නොමිලේ ලකුණු ලබා ගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ප්‍රතිවාදී කණ්ඩායමට හොඳ තරගයක් දීලා, තරග ජයග්‍රහණය කරලා, ලකුණු ලබා ගන්නයි. ඒ නිසා මීළඟ තරගයේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි දිමුත් කියා සිටියේය.

“ලෝක කුසලාන තරගාවලියකදී සෑම තරගයක්ම ඉතාමත් අභියෝගාත්මකයි. ඇෆ්ඝනිස්ථානට එරෙහිව අපි ක්‍රීඩා කරපු අවසන් තරගය සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ තරගය අතර දින 11 ක පරතරයක් තියෙනවා. ඒ නිසා අපි ඒ තරගයට හොඳින් සූදානම් වෙන්න ඕනෙ කියලා මම හිතනවා. අපි ඕස්ටේ්‍රලියාවට එරෙහිව පුහුණු තරගයක් ක්‍රීඩා කළා ඒ නිසා අපිට ඔවුන්ගේ කණ්ඩායම පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. වැරදි අවම කරගෙන ක්‍රීඩා කළොත් ඒ තරගයත් ජයගන්න පුලුවන් වේවි කියලා මම විශ්වාස කරනවා.” යැයිද දිමුත් කරුණාරත්න පැවසීය.

මේ දක්වා පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලයකදී වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුව ඇති ඉහළ තරග සංඛ්‍යාව 2 ක් වුවත්, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මුල් තරග 16 නිමාවට විටත් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ තරග සංඛ්‍යාව 3 ක් බවට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිමුත් කියා සිටියේ කණ්ඩායමකට තරග 9 පමණ ක්‍රීඩා කිරීමට තිබෙන අවස්ථාවක තරග සඳහා අතිරේක දිනයන් යෙදීම ප්‍රායෝගික නොවන බව තමාට වැටහෙන නමුත් අතිරේක දිනයන් යොදා තිබූණේ නම් තත්වය මීට වඩා යහපත් වනු ඇති බවයි.

ලෝක කුසලාන තරගාවලිවලදී වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණ තරග සංඛ්‍යාවන්

1979/1996/1999 සහ 2011 වසර වලදී - එක් තරගය බැගින්
1992 සහ 2003 වසර වලදී - තරග 2 බැගින්
2019 වසරේදී - තරග 3 ක්

 


අදහස් (0)

හඳට යන කාලේ අතිරේක දිනයක් නැත්තේ ඇයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.