Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලියට කොරෝනා පරීක්‍ෂණ 20,000 ක්

අයි.පී.එල්. තරගාවලියට කොරෝනා පරීක්‍ෂණ 20,000 ක්

editorial - 2020 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොරෝනා වයිරස් පරීක්ෂණ 20,000 කට අධික ප්‍රමාණයක් සිදුකරන බව විස්සයි 20 තරගාවලියේ වෛද්‍ය සහකරුවෝ නිවේදනය කරති.  ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය සැප්තැම්බර් 19 වන දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරඹෙන අතර කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් බොහෝ විට ප්‍රේක්ෂකයින් නොමැතිව තරගාවලිය පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් අටේ ක්‍රීඩකයින් 200 දෙනාගෙන් වැඩි දෙනෙක් පසුගිය මාසයේ පැමිණ දින හයක් ඔවුන්ගේ හෝටල් කාමරවලටවී හුදකලාව ගත කළහ.

ඔවුන් හෝටල් වෙත පැමිණි පසු කොරෝනා වයිරස් පරීක්ෂණය සඳහා ලක් කරන ලද අතර නැවතත් දින දෙකකට පසු යළි පරීක්‍ෂාවට ලක් කරන ලදී. අවසාන පරීක්ෂණයෙන් දින දෙකකට පසුව ඔවුන් ආරක්ෂිත ජෛව බුබුලකට මාරු කෙරේ. 

සහයක කාර්ය මණ්ඩලය, තරග විනිසුරුවන්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සංවිධායකයින්ගේ නිලධාරීන්ට සහ තවත් සිය ගණනක් දෙනාට එකම නීතිරීති අදාළ වේ.

මේ වන විට කොරෝනා පරීක්ෂණ 3,500 ක් සිදු කර ඇති බව තරගාවලියේ නිල වෛද්‍ය සහකරුවන් වන අබුඩාබි හි වී.පී.එස් හෙල්ත්කෙයාර් සමාගම පවසයි. තරඟාවලිය අතරතුර පරීක්ෂණ 20,000 කට අධික ප්‍රමාණයක් පවත්වනු ඇති බව එහි ප්‍රකාශකයෙක් ඒ.එෆ්.පී වෙත පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයින්ගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ ගමනාගමනය හෝටලය සහ ක්‍රීඩාංගණය අතර දැඩි ලෙස සීමා කර තිබේ යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කණ්ඩායම් ගොඩ බැසීමත් සමඟම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 2 දෙනෙකුට සහ නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වයිරස් වැළඳී ඇතැයි තහවුරු විය. චෙන්නායි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජේෂ්ඨ පිතිකරු සුරේෂ් රයිනා සහ ප්‍රවීණ දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු පුද්ගලික හේතුන් මත කණ්ඩායමෙන් ඉවත්ව සිටිති. 

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග (මුම්බායි ඉන්දියන්ස්), එංගලන්තයේ ජේසන් රෝයි (දිල්ලි කැපිටල්ස්) ද තරගාවලියෙන් ඉවත්වූ අතර ඕස්ටේ්‍රලියානු ජාතික කේන් රිචඞ්සන් සිය පළමු දරුවාගේ උපත හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.

තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අබුඩාබියේදී වත්මන් ශූර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පළමු තරගයට ක්‍රීඩා කරයි. තරග 24 ක් ඩුබායිහිදී ද, තරග 20 ක් අබුඩාබියේදී සහ තරග 12 ක් සාජාහිදී පැවැත්වේ.

 - 2079


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලියට කොරෝනා පරීක්‍ෂණ 20,000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.