Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කලින්ම සල්ලි නොදුන්නාට රවී බොපාරා ඉවත්ව යයි

කලින්ම සල්ලි නොදුන්නාට රවී බොපාරා ඉවත්ව යයි

රොෂාන් ගුණරත්න - 2020 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වූ නවතම විදේශීය ක්‍රීඩකයා බවට එංගලන්ත පිලේ සිටි තුන් ඉරියව් ක්‍රීඩක රවී බොපාරා පත්විය.

යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි බොපාරා තරගාවලියට සහභාගිවීමට පෙර තරගාවලිය සඳහා ගෙනු ලබන සියලු මුදල් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබුණි. නමුත් යාපනය ස්ටැලියන්ස් පිලේ කළමණාකාරීත්වය ඊට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් බොපාරා තරගාවලිය අතහැර දැමීමට තීරණය කර ඇත.

මේ වනවිට විස්සයි20 තරග සඳහා නම් දැරූ විදේශිය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලිය අතහැර දමා ඇත. ඒ අතරට දඹුල්ල වයිකිංග් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි ලෙන්ඞ්ල් සිමන්ස් සහ බ්‍රෙන්ඩන් ටේලර්ද එක්ව සිටිති.

ශ්‍රී ලාංකිකයකු වන ලසිත් මාලිංග මෙම තරගාවලියට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී ඇති අතර ශාරීරික ආබාධයක් යයි කියමින් ක්‍රිස් ගේල්ද එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත් විය.


අදහස් (0)

කලින්ම සල්ලි නොදුන්නාට රවී බොපාරා ඉවත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.