Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton අන්තර් සමාජ බැඩ්මින්ටන් තරග 16 දා සිට

අන්තර් සමාජ බැඩ්මින්ටන් තරග 16 දා සිට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමය 45 වැනි වරටත් සංවිධානය කරන අන්තර් සමාජ කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බස්නාහිර පළාත තුළ පවතින ක්‍රීඩා සමාජ වලට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකි අතර එහිදී පිරිමි අංශය සඳහා කාණ්ඩ 7 ක් යටතේද, කාන්තා අංශය සඳහා කාණ්ඩ 5 ක් යටතේද තරග පැවැත්වේ.

පිරිමි අංශයේදී එක් තරග වටයක් සඳහා කේවල තරග 2 ක් සහ යුගළ තරග 3 ක් ඇතුළත් වන අතර කාන්තා අංශයේදී එක් තරග වටයක් සඳහා කේවල තරගයක් සහ යුගළ තරග 2 ක් ඇතුළත් වේ.

තරගාවලියේ සෑම කාණ්ඩයකම ශූරතාව සහ අනු ශූරතාව ලබාගන්නා ක්‍රීඩා සමාජ සඳහා ත්‍යාග සහ සහතික පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

071 8217056 (අසංක පීරිස්) හෝ 071 6160346 (රුවන් ප්‍රනාන්දු) යන දුරකථන අංක ඔස්සේ තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.


- 036

 


අදහස් (0)

අන්තර් සමාජ බැඩ්මින්ටන් තරග 16 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.