Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ලෝචන - අචිනි පෙරමුණ රැකගනිති

ලෝචන - අචිනි පෙරමුණ රැකගනිති

ශානුක අරවින්ද - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරෝනා වසංගතයෙන් අනතුරුව යළිත් ක්‍රීඩා තරග ආරම්භ වන විට ජාතික බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අතරේ පිරිමි සහ කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ලෝචන ද සිල්වා සහ අචිනි රත්නසිරි සමත්ව සිටිති. 2019 වසරේ අගෝස්තු මාසයේ සිට 2020 වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැති ජාතික මට්ටමේ තරගාවලි 6 කදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ලකුණු පදනම් කරගනිමින් ඔවුන්ට මෙම ශ්‍රේණිගත කිරීම් ලබාදී තිබේ.

උතුරුමැද පළාත් (අගෝස්තු 20-25), ජනසතු සේවා (ඔක්තෝබර් 14-18), එස්.එස්.සී. (නොවැම්බර් 13-22), ජාතික (ජනවාරි 13-18), ඌව පළාත් (ජනවාරි 31-පෙබරවාර 5) සහ බස්නාහිර පළාත් (පෙබරවාරි 24-මාර්තු 1) යන ජාතික මට්ටමේ විවෘත තරගාවලි 6 මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා පදනම් කරගෙන තිබේ.

තරගාවලි 5 කට සහභාගි වී ඇති ලෝචන, ඉන් තරගාවලි දෙකක ශූරයා බවට පත්වෙමින්ද, තරගාවලි දෙකක අවසන් පූර්ව වටයට පැමිණෙමින්ද, එක් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පැමිණෙමින්ද ලකුණු 290 ක් ලබා පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකර ගෙන සිටියි. කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අචිනි, ලකුණු 300 ක් ලබාගෙන ඇත්තේ තරගාවලි 4 කට සහභාගි වී ඉන් තරගාවලි දෙකක ශූරිය බවට පත්වෙමින් සහ සෙසු තරගාවලි දෙකෙහි අනු ශූරිය බවට පත්වෙමිනි. කෙසේ වුවත් අවසන් වරට පැවැති තරගාවලි දෙක සඳහා ඇය සහභාගි වී නොමැත.

ළහිරු වීරසිංහ සහ චිරාන් සුදීර ලකුණු 270 ක් සමගින් පිරිමි යුගළ ශ්‍රේණිගත කිරීම්හිද, අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා ලකුණු 340 ක් සමගින් කාන්තා යුගළ ශ්‍රේණිගත කිරීම්හිද පෙරමුණේ රැදී සිටිති. හසිත චානක සහ උපුලි සමන්තිකා මිශ්‍ර යුගල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 240 ක් ලබාගනිමිනි.


අදහස් (0)

ලෝචන - අචිනි පෙරමුණ රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.