Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 800 නව වාර්තාව දෙදෙනකුට සමසේ

මීටර 800 නව වාර්තාව දෙදෙනකුට සමසේ

නාමල් පතිරගේ - 2019 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස පිටියේදී පැවැත්වෙන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 වයස 16න් පහළ බාලක ඉසව්වෙන් ක්‍රීඩකයෝ දෙදෙනෙක් සම නව වාර්තා පිහිටුවීමට සමත් වූහ. කවිඳු රෂ්මික හා රවිඳු චිරාත් විනාඩි 1 තත්පර 59.41 කදී ඉසව්ව නිමකරමින් එහි නව වාර්තාව හිමිකරගත්හ වසර දෙකකට ඉහතදී ධනංජය බුළුගහපිටිය එහි පැරණි වාර්තාවට හිමිකම් කීවේ විනාඩි 1 තත්පර 59.82 කට ඉසව්ව නිමකරමිනි.

වයස් කාණ්ඩ තුනකින් බාලක හා බාලිකා ඉසව් 95ක් තරගාවලියට ඇතුළත්ය. එහි අවසන් තරග 25ක් අද පවත්වා අවසන් කෙරුණි.

වයස 18න් පහළ කාණ්ඩයේ දක්ෂතා වඩාත් කැපී පෙනුණි.  එහිදී එම වයස් කාණ්ඩයෙන් බිහිවූ නව වාර්තා ගණන පහකි. තරගාවලිය ආරම්භක දිනයේ බිහි වූ නව තරග වාර්තා ගණන හතකි.

මීටර 800 වයස  හ- 18න් පහළ (බාලිකා) ඉසව්ව ඊයේ පැවති මූලික වටයේදී නව වාර්තාවක් බිහිවීම කැපී පෙනුණි. යගුලිය විසිකිරීම - වයස 18න් පහළ බාලිකා ඉසව්වේ තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ අගයක් ගත්තේ ජයග්‍රාහී ක්‍රීඩිකාව නව වාර්තාවක් එහි පිහිටුවන අතර, සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා පැරණි වාර්තාව අබිබවා යමින් දක්ෂතා දැක්වීම හේතුවෙනි.

ජාතික තරග බිමේ පසුකාලයේදී දක්ෂතා දැක්වූ චරිත් කපුකොටුව එවකට කොළඹ රාජකීය විදුහලේ සිසුවකුව සිටියදී කවපෙත්ත විසි කිරීම වයස 18න් පහළ (බාලක) ඉසව්වෙන් 2007 දී පිහිටුවා තිබූ නව වාර්තාව ජාතික මලල ක්‍රීඩා කනිෂ්ඨ තරගාවලියේ පැරණිතම වාර්තාවක් බිඳ දැමීමකි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තරගාවලිය සංවිධානය කරයි.


පළමු දිනයේ නව තරග වාර්තා

වයස 16න් පහළ කාණ්ඩය
● මීටර 800 (බාලක)  කවිඳු රෂ්මික (මහනුවර ලෙක්සිකොන් ජාත්‍යන්තර පාසල - විනාඩි 1 තත්පර 59. 41) හා රවිඳු චිරාත් (කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල - විනාඩි 1 තත්ත්පර 59.41)

වයස 18න් පහළ කාණ්ඩය
● මීටර 800 (බාලිකා) - එස්.එන්. ප්‍රියමාලි (වීරකැටිය රාජපක්ෂ මැදි විදුහල - විනාඩි 2 තත්ත්පර 31.52)
● කවපෙත්ත විසි කිරීම (බාලක) - රුමේෂ් තරංග (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල - මීටර 49.92)
● යගුලිය විසිකිරීම (බාලිකා) - ඔවිනි චන්ද්‍රසේකර (බිෂොප් විදුහල - මීටර 13.19), සරීෂා ගුණසේකර (කාන්තා විදුහල - මීටර 13.11 - පැරණි වාර්තාව අභිබවා ඇත), රිහිතා ඬේවිඞ් (කාන්තා විදුහල - මීටර 12.59 පැරණි වාර්තාව අභිබවා ඇත)
● දුර පැනීම (බාලක) - හිරුෂ හෂේන් - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල - (මීටර 7.28).
● හෙල්ල විසි කිරීම (කාන්තා) ඩී.එම්.අයි.  හසාන්ති (වලල ඒ රත්නායක මැදි විදුහල - මීටර 48.49)


වයස 20න් පහළ
● මීටර 10,000 - ඇවිදීම (කාන්තා) - ෂශිකලා දිල්ෂානි (මහනුවර මැදි විදුහල - විනාඩි 57 තත්පර 12.22).


අදහස් (0)

මීටර 800 නව වාර්තාව දෙදෙනකුට සමසේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.