Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අනුකමිටු ප්‍රධානීන් වෙනස් කරයි

අනුකමිටු ප්‍රධානීන් වෙනස් කරයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සෙනසුරාදා (12) පැවති කවුන්සිල රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව එම සම්මේලනයේ අනු කමිටු ගණනාවක ප්‍රධානීන් වෙනස් කර තිබේ.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කවුන්සිල රැස්වීමේදී අනු කමිටු ප්‍රධානීන් සංශෝධනය කිරිමේදී ජාතික පාපන්දු කණ්ඩායම හා එහි පුහුණුකරුවන් කෙරෙහි වැඩිම බලපෑමක් කෙරෙන තාක්ෂණික කමිටුවේ සභාපති ධුරය යළිත් රෝහිත ප්‍රනාන්දු මහතාට ලබාදී තිබේ. ඔහු මෙතෙක් දැරුවේ ජාතික කණ්ඩායම් භාර අනු කමිටුවේ සභාපති ධුරයයි.

තාක්ෂණික කමිටුවේ පත්කෙරෙන සාමාජිකයන් ගණන හත් දෙනෙකු වන අතර එමගින් පත්කෙරෙන නිලධාරින් තිදෙනෙකු සඳහා ආසියානු පාපන්දු සමුළුවෙන් වැටුප් ගෙවයි.

ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ අනු කමිටු ගණන 15 කට ආසන්න වේ. එම කමිටු ප්‍රධානීන් ගණනාවකට ක්‍රියාකාරි නොවීම ගැන චෝදනා එල්ලවී තිබූ බැවින් කවුන්සිල රැස්වීමේදී අනු කමිටු ගණනාවක තනතුරු වෙනස් කර තිබේ.

තාක්ෂණික කමිටුවේ මෙතෙක් සභාපති ධුරය දැරුවේ එම් ෆාසිස් මහතාය. මේ අතර මුල්‍ය කමිටුවේ සභාපති ධුරය එම්. පුවනේන්ද්‍රන් මහතාට බාරදී තිබේ. එහි කලින් සභාපති ධුරය දැරුවේ එම්.ඉන්හාම් මහතාය.

ඉන්හාම් මහතා පාපන්දු සම්මේලනයේ මුල්‍ය කටයුතු පිළිබඳව සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට ලිපියක් යොමු කිරීමෙන් පසුව එහි සේවයට නොපැමිණි බවද වාර්තාවේ.

කෙසේ වුවත් මුල්‍ය කමිටුවේ නව සභාපති පුවනේන්ද්‍රන් මහතාද මීට පෙර කලාපීය සංවර්ධන මෙහෙයුම් අනු කමිටුවේ සභාපති ධුරය දරමින් පාපන්දු සම්මේලනයේ වත්මන් පාලනයට චෝදනා කළ අයෙකි.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගනිමින් එය අත්හැර දැමීමට දෙපාර්ශවය එකඟවිය.

ජාතික කණ්ඩායම් භාර අනු කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන හර්ලි සිල්වේරා මහතා පත්කර තිබේ.

මෙසේ ප්‍රධානීන් වෙනස් කළ කලාපීය සංවර්ධන මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය ඇතුළු අනු කමිටු කිපයක සභාපති ධුර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා විසින්ම දරයි.

කෙසේ වුවත් වෙනසකට ලක් නොකළ අනු කමිටු කීපයක්ද වන අතර වෛද්‍ය කමිටුවේ සභාපති ධුරයේ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා තවදුරටත් කටයුතු කරයි. තරග කමිටුවේ සභාපති ධුරයේද වෙනසක් නොවන අතර සහරාන් සිංහවංශ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කරයි.

   


අදහස් (0)

අනුකමිටු ප්‍රධානීන් වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.