Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සුපර් ලීග් තරග හෙට සිට

සුපර් ලීග් තරග හෙට සිට

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපිරි ලීග පිරිමි තරගාවලියේ ගෘහස්ථ තරග වටය හෙට (13) මීගමුව කඩොල්කැලේ ගෘහස්ථ වොලිබෝල් පිටියේදි ආරම්භ වේ. ඒ යටතේ හෙට පෙරවරු 9.00 සිට තරග හතරක් පැවැත්වේ. සෙනසුරාදා සහ ඉරිදා (14 සහ 15) මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී සුපිරි ලීග කාන්තා හා පිරිමි තරග 10 ක් පැවැත්වීමට නියමිතය.

 ජාතික වොලිබෝල් තරගාවලියේ සුපිරි ලීග තරගාවලියේ මෙවර විශේෂත්වය වන්නේ ගෘහස්ථ තරග වටය හැරෙන්නට එළිමහන් තරග වටයක් හඳුන්වාදීමෙන් මෙවර තරගාවලියේ මුළු තරග දෙගුණයක් වීමයි. ඒ අනුව තරගමාලාවට කාන්තා හා පිරිමි  තරග 28 ක් අන්තර් ගතවේ.

සුපිරි ලිග කාන්තා තරග වටය අද (12) මීගමුවේදි ආරම්භ වූ අතර එහිදි වරාය අධිකාරි කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායමද ලකුණු 25/17, 25/13, 25/20) ක් ලෙසින් පරාජය කරන ලදි. යුද හමුදා කණ්ඩායම හා තරුණ සේවා  කණ්ඩායම අතර පැවති තරගයෙන් යුද හමුදා කණ්ඩායම ලකුණු 25/11, 25/14 සහ 25/06 ක් ලෙසින් ජය ලැබීය.

 තරගමාලාවේ එළිමහන් (පිරිමි) තරග වටය ලබන බදාදා  (18) සිදුව රද්දොළුව ක්‍රීඩාංගණයේදි ආරම්භ වේ. එදින විදුලිබල මණ්ඩල කණ්ඩායම හා තරුණ සේවා කණ්ඩායම අතරද ගුවන් හමුදා කණ්ඩායම හා වරාය අධිකාරි කණ්ඩායම අතරද තරග දෙකක් පැවැත්වේ.

ලබන නොවැම්බර්  4 වෙනිදා වනවිට සුපිරි ලිග වටයේ මුලික වටය පවත්වා අවසන් කෙරේ. ඒ අනුව  අවසන් වන තරග ලන නොවැම්බර් 28 වැනිදා මහරගම තරුණ සේවා පිටියේදි පැවැත්වේ.

මීගමුව කඩොල්කැලේ ගෘහස්ථ පිටියේදී හෙට (13) පැවැත්වීමට නියමිත තරග

■    පෙරවරු 9.00 - වරාය අදිකාරිය සහ නාවික හමුදාව අතර

■    පෙරවරු 11.00 -  ගුවන් හමුදාව සහ පොලිසිය අතර

■    පස්වරු 1.00 -  විදුලිබල සහ මාස් ලෙෂර්ලයින් අතර

■    පස්වරු 3.00 -  යුදහමුදාව සහ තරුණ සේවා අතර

 


අදහස් (0)

සුපර් ලීග් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.