Last Update  :  2024-05-08 16:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සුපර් ලීග් අවසන් තරග හෙට

සුපර් ලීග් අවසන් තරග හෙට

editorial - 2023 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් (මංචි) බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කළ ජාතික ශූරතා සුපර් ලීග් වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග හෙට (24) පස්වරු 1 සිට මහරගම තරුණසේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.

ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා මෙහි ප්‍රධාන ආරාධිතයායි. අනුග්‍රාහක සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි දහම් ගුණසේන මහතා ජය සංකේත ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය.

මෙම වසරට නියමිත ජාතික වොලිබොල් තරගමාලාවේ නමගිය කාන්තා හා පිරිමි කණ්ඩායම් 15ක් එහි සුපර් ලීග් කාණ්ඩයේ තරගාවලිය සඳහා සහභාගි විය.

යුද හමුදා ක්‍රීඩා සමාජයේ කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් දෙකම මෙම අවසන් මහ තරග දෙකට නිර්දේශ ලබා තිබීම කැපී පෙනේ.

 

අවසන් මහ තරග හෙට (24) පැවැත්වෙන ආකාරය.

• පස්වරු 1ට:- කාන්තා
ගුවන් හමුදාව හා යුද හමුදාව අතර

• පස්වරු 3ට:- පිරිමි
යුද හමුදාව හා විදුලි බල මණ්ඩලය අතර


අදහස් (0)

සුපර් ලීග් අවසන් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.