Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සියනෑ තරු ක්‍රීඩකයෝ ඇෆ්ඝනිස්ථානය පරදවති

සියනෑ තරු ක්‍රීඩකයෝ ඇෆ්ඝනිස්ථානය පරදවති

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

 

ඇෆ්ගනිස්ථාන ජාතික වොලිබෝල් කණ්ඩායම සහ ගම්පහ සියනෑතරු කණ්ඩායම අතර පැවැති ප්‍රදර්ශන වොලිබෝල් තරගයෙන් , සියනෑතරු කණ්ඩායම තරග වට 3-0 ක ජයක් අත්කර ගත්තේය.  මෙම තරගය සෙනසුරාදා (30 වැනිදා) රාත්‍රියේදී ගම්පහ සුමේධ විදුහල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.  

තරගයේ තරග වට තුනේදී ලකුණු සටහන් වූයේ 25/19, 25/20 සහ 25/19 ක් ලෙසිනි.

සියනෑතරු කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රොමේෂ් ද, ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ නායකයා ලෙස සභා වූන් ද කටයුතු කළහ. 

තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සියනෑතරු කණ්ඩායමේ නායක දීප්ති රොමේෂ් තේරී පත්විය. දක්ෂතම ප්‍රහාරකයා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නසීර්ද , දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස සියනෑතරු කණ්ඩායමේ මොරිස් චමින්ද ද තිළිණ හිමි කර ගත්හ. 

මෙම ප්‍රදර්ශන වොලිබෝල් තරගය ගම්පහ සියනෑතරු කණ්ඩායම විසින් සංවිධානය කරන ලදි. 


අදහස් (0)

සියනෑ තරු ක්‍රීඩකයෝ ඇෆ්ඝනිස්ථානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.