Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සති අන්තයේ තරග කල්දමයි

සති අන්තයේ තරග කල්දමයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උද්ගතව තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සති අන්තයේ දී යොදාගෙන තිබූ තරගාවලි හා ක්‍රීඩා උත්සව ගණනාවක් අත්හිටුවීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

 

වොලිබෝල් තරග
■    ඇඹිලිපිටිය මහජන ක්‍රිඩාංගණයේදී හෙට සහ අනිද්දා (2 සහ 3) පැවැත්වීමට සූදානම් කර තිබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගමාලාවේ ජාතික (අවසන්) තරග වටය කල්දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. එම තරග මලාවේ අවසන් වටය කණ්ඩායම් 100 ක් සහභාගීත්වයෙන් ලබන සති අන්තයේ දී (9 සහ 10) පැවැත්වීමට  දැන් තීරණය කර තිබේ.


පාපන්දු තරග :
■    ඩයලොග්- ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ හා ප්‍රධානම පළමු පෙළ පාපන්දු තරගාවලියේ සියලු තරග අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද (1) තීරණය කළේය. වර්ෂාව ඇදහැළීමෙන් ක්‍රීඩාංගන රැසක් ජලයෙන් යටවී තිබෙන බැවින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව ශූරයන්ගේ තරගාවලියේ තරග පහක් හා ප්‍රධානම පාපන්දු තරගාවලියේ තරග පහක් දින නියමක් නොමැතිව අත්සිටුවීමට පියවර ගෙන තිබේ.

■    ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පාපන්දු සංගමය සංවිධානය කරන සමස්ත ලංකා  වයස 40න් ඉහළ ප්‍රවිනයන්ගේ පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග හතරක් කල් දමා තිබේ. බදුල්ලේ දී හා කෑගල්ලේ දී හෙට සහ අනිද්දා (2 සහ 3) පැවැත්වීමට නියමිතව  තිබූ එම තරග මේ මස 5, 7, 9 සහ10 යන දිනවල එම ස්ථානවලදීම පැවැත්වීමට තීරණය කළ බව ප්‍රවිනයන්ගේ පාපන්දු සංගමයේ සභාපති  තිලාන් පීරිස් මහතා පවසයි.


මාර්ග ධාවන තරග
■    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ ජයික් හිල්ටන් ආයතනය ඉරිදා පෙරවරු 6.30 කොළඹ දී පැවැත්වීමට සුදානම් කර තිබූ මාර්ග ධාවන තරග මාලාව නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.


පාපැදි තරග
■    සීදුව ලියනගේමුල්ලේ දී හෙට (2) පැවැත්වීමට නියමිතව තිබූ විවෘත (රේසින්) පාපැදි තරග මාලාව අත්හිටුවා තිබේ. එම තරගමාලාව මෙම 9 වැනිදා පැවැත්වීමට තරග සංවිධායකයෝ ඊයේ තීරණය කර තිබේ.

 


අදහස් (0)

සති අන්තයේ තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.