Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම් 2ක් අවසන් පූර්ව වටයේ
මධ්‍යම ආසියානු තරගාවලිය

ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම් 2ක් අවසන් පූර්ව වටයේ

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේදී ශ්‍රී ලංකාවේ කණ්ඩායම් දෙකක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති. පාකිස්තානයේ I වැනි කණ්ඩායම සහ ඉරානයේ II වැනි කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින අනෙක් කණ්ඩායම් වෙති.

මෙම තරගාවලිය මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වෙන අතර හෙට (ඉරිදා) තරගාවලියේ අවසන් දිනය වෙයි. තරගාවලියේ ශූරතා දිනාගන්නා කණ්ඩායම් පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා වන සුදුසුකම් තේරීමේ තරගාවලියට ඉදිරිපත් වනු ඇත.

පිරිමි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා (ශ්‍රී ලංකා - II කණ්ඩායමත් පාකිස්තානයේ I කණ්ඩායමත් තේරී සිටිති. දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකා - I කණ්ඩායමත් ඉරානයේ  II වැනි කණ්ඩායමත් සුදුසුකම් ලබා සිටිති.

ටිරෝන් ජයතිලක සහ අශේන් රෂ්මික දෙදෙනා ශ්‍රී ලංකා - I කණ්ඩායම නියෝජනය කරති. නලීන් පෙරේරා සහ මලින්ත යාපා ශ්‍රී ලංකා - II කණ්ඩායම නියෝජනය කරති.

අවසන් පූර්ව වටයේ තරග අද (19 වැනිදා) රාත්‍රී 7.00 ට සහ රාත්‍රී 8.00 ට පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරග හෙට (ඉරිදා) පස්වරු 6.00 ට සහ පස්වරු 7.00 ට පැවැත්වේ.

 

අද (19 වැනිදා) පැවැති මූලික වටයේ තරග ප්‍රතිඵල
■    ඉරානය විසින් පාකිස්තානය පරාජය කරන ලදි. (21/12, 21/11)
■    ශ්‍රී ලංකා - III කණ්ඩායම විසින් ශ්‍රී ලංකා - II කණ්ඩායම පරාජය කරන ලදි. (21/15, 21/13)
■    ශ්‍රී ලංකා - I කණ්ඩායම විසින් මාලදිවයින පරාජය කරන ලදි. (21/17, 21/18)
■    පාකිස්තානය විසින් උස්බෙකිස්තානය පරාජය කරන ලදි. (21/23, 21/17 සහ 11/15)

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම් 2ක් අවසන් පූර්ව වටයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.