Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාවේ කණ්ඩායම් 3 ම අවසන් පූර්ව වටයේ
මධ්‍යම ආසියානු තරගාවලිය

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් 3 ම අවසන් පූර්ව වටයේ

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායම් තුනම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති. එක් අවසන් පූර්ව තරගයක් ශ්‍රී ලංකාවේම කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙයි.

මෙම තරගාවලිය මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වෙන අතර හෙට (ඉරිදා) තරගාවලියේ අවසන් දිනය වෙයි. තරගාවලියේ ශූරතා දිනාගන්නා කණ්ඩායම් පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා වන සුදුසුකම් තේරීමේ තරගාවලියට ඉදිරිපත් වනු ඇත.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටය සඳහා (ශ්‍රී ලංකා - II සහ ශ්‍රී ලංකා - III) කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති. දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකා - I කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති.

අවසන් පූර්ව වටයේ ස්ථාන තෝරා ගැනෙණ තරග දෙකක් අද (19 වැනිදා) පෙරවරුවේදී පැවැත්විණ. දීපිකා බණ්ඩාර සහ දිනේෂා ප්‍රසාදනී දෙදෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා - ෂ  කණ්ඩායම විසින් අද පෙරවරුවේදී මාලදිවයින් කණ්ඩායම ලකුණු 21/13 සහ 21/09 ක් ලෙසින් පරාජය කරන ලදි.

අද පැවැති අනෙක් කාන්තා තරගයේදී චතුරිකා වීරසිංහ සහ හෂිනි මල්ෂා දෙදෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා - II කණ්ඩායම විසින් මාලදිවයිනේ දෙවැනි කණ්ඩායම පරාජය කරන ලදි. එහි ලකුණු  තත්ත්වය 21/10 ක් සහ 21/08 ක් ලෙසින් සටහන් විය.

මූලික වටය අවසානයේ තරග ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ කණ්ඩායම් තුනම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් පූර්ව වටයේ තරග අද (19 වැනිදා) රාත්‍රී 7.00 ට සහ රාත්‍රී 8.00 ට පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් 3 ම අවසන් පූර්ව වටයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.