Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3 ක්

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3 ක්

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව වෙරළ උද්‍යානයේ දී අද (18) ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වන සුදුසුකම් ලැබීමේ වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 3 ක් ලබාගත්තේය. පිරිමි තරග දෙකකදී, මාලදිවයිනට හා මලයාසියාවට එරෙහිව ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ පැවැති කාන්තා තරගයකදී මලයාසියාවට එරෙහිව තරග වට 2/1 ක ජයක් ලබාගත්තේය.

පිරිමි තරගාවලියේ දී මාලදිවයින් කණ්ඩායමට වට 2-0 කට (21/18-21/15) පරාජය කිරීමට අංජන් රෂ්මිත හා මලින්ත යාපාගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඊයේ සවස්වරුවේ දී පැවැති පිරිමි ඉසව්වේ තවත් තරගයක දී ශ්‍රී ලංකාව වට 2-0කට මලයාසියාව පරාජය කළේය. එහි දී අසේන් රෂ්මිත හා මලින්ත යාපා දක්ෂතා දක්වමින් මලයාසියානු කණ්ඩායම පරාජය කළේ ලකුණු 21/16-21/15 ත් පරිදිය.

මෙම ජයග්‍රහණ හමුවේ ශ්‍රී ලංකාවට වඩාත් විශ්වාස පෙරදැරිව තරගාවලියේ පිරිමි ඉසව්ව ඉදිරි තරග සඳහා මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර කාන්තා ඉසව්වේ තරගය අද රාත්‍රියේ දී පැවැති අතර එහිදී ලකුණු 21/15, 20/22 සහ 15/9 ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයගත්හ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.