Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාව සෞදිය පරදවයි

ශ්‍රී ලංකාව සෞදිය පරදවයි

editorial - 2023 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹදී ඊයේ (09) ආරම්භ වූ මධ්‍යම ආසියානු අභියෝග ශූරතා කුසලාන (පිරිමි) වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව සෞදි අරාබියට එරෙහිව එහි පළමු ජය වට 3-0කට ලැබීය. ඒ ලකුණු 25/19 - 25/17- 26/24 ක් ලෙසයි.

සෞදි අරාබියට ගියවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙන බැවින් මෙම ජයග්‍රහණය කැපී පෙනේ. තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරගයෙන් ඇෆ්ඝනිස්ථානය විසින් උස්බෙකිස්ථානය පරාජයට පත්කළේද වට 3-0 කටය. ඊයේ දිනයේ තෙවැනි (අවසන්) තරගය බංග්ලාදේශය හා නේපාලය අතර තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වෙමින් තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වියදම් දරමින් මෙම තරගාවලිය සඳහා ඩුබායි නුවර ක්‍රීඩා කරමින් සිටියදී කැඳවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු නොදන්වා නැවත ඩුබායි නුවරට ගොස් ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ෂණයක් කෙරෙනතුරු ඔහුගේ ජාත්‍යන්තර තරග අවසර බලපත්‍රය අවලංගු කිරීමට වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව සෞදිය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.