Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාව ආසියානු සමුළු තරග දෙකෙන්ම පරදී

ශ්‍රී ලංකාව ආසියානු සමුළු තරග දෙකෙන්ම පරදී

editorial - 2023 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බහරේන් රාජ්‍යයට වට 3-1 ක පරාජයක් ඊයේ (9) ලැබීමෙන් චීන – තායිපේහිදී දැන් පැවැත්වෙන ආසියානු සමුළු අභියෝග ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලියේ අවසන් වටයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ අපේක්‍ෂා බිඳ වැටුණි.

තරගාවලියේ ශ්‍රී ලංකාව පෙරේදා (8) සහභාගී වූ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකාව වට 3-1 ක පරාජයක් ලැබීමෙන් මෙම තත්ත්වය උදාවිය. මෙතැන් සිට තරගාවලියේ ශ්‍රී ලංකාවට සිදු වන්නේ 13 සිට15 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත ස්ථානයක් සඳහා තරග වැදීමට සිදුවීමයි. ඒ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන් ලෙස බෲනායි හා තායිලන්තය සමඟ තරග වැදීමට සිදුවනු ඇත. 

රටවල් 17ක සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම තරගාවලියේ මූලික වටය ‘‘ඒ’’ සිට ‘‘එෆ්’’ දක්වා කාණ්ඩ හයකින් ලීග් ක්‍රමයට පැවැත්වේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්වූවත් ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දීමට සමත්වීම කැපී පෙනුණි. ඉන්දුනීසියාව සමඟ තරගයේදී දෙපිලේ සමස්ත ලකුණු අගය 95-82 ක් ලෙසත් බහරේන් සමඟ තරගයේදී එය 105-98ක් වීමෙන් එය වඩාත් තහවුරු වේ. 

 

ශ්‍රී ලංකාව සහභාගී වූ මූලික වටයේ තරග ප්‍රතිඵල
ඉන්දුනීසියාවට එරෙහිව වට 3-1 ක (21/25 – 19/25- 25/20- 17/25) පරාජයක් 
බහරේන්ට එරෙහිව වට 3-1ක (26/28- 20/25- 28/26- 24/26) පරාජයක්


අදහස් (0)

ශ්‍රී ලංකාව ආසියානු සමුළු තරග දෙකෙන්ම පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.